Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

ශ්‍රී ලංකාවේ දේශගුණය The climate of Sri Lanka 01

ශ්‍රී ලංකාවේ දේශගුණය The climate of Sri Lanka 01
ලෝකය දෙස භුගෝල විද්‍යාත්මක ඇසකින් නිරික්ෂණ කිරිීමේ දී හදුනාගත හැකි ප්‍රධානම ලක්ෂණයක් වන්නේ එක් ප්‍රදේශයක් තවත් ප්‍රදේශයකින් වෙනස් වීමයි. එලෙස වෙන්විමට ඒ ප්‍රදේශයට බලපානු ලබන කාලගුණික දේශගුණික තත්ත්වයන් බොහෝ සෙයින් බලපානු ලබයි. කිසියම් ප්‍රදේශයකට කෙටි කාලයක් තුල දි බල පැවැත්වෙන වායුගෝලීය තත්ත්වයන් කාලගුණය ලෙස සරලව හදුන්වනු ලබන අතර වසර 30ක් පමණ කාලයක් තුල යම් ප්‍රදේශයකට බලපානු ලබන කාලගුණික මුලිකාංග වල සාමන්‍යකරණය දේශගුණය වශයෙන් හදුනාගත හැකි වේ. කාලගුණික තත්ත්වයන් කෙටි කාලයක දි වෙනස් විය හැකි නමුත් දේශගුණය වෙනස් නොවේ. ඒ අනුව ලෝකයේ ඔිනැම ප්‍රදේශයක් තුල හදුනාගත හැකි දේශගුණික ලක්ෂණ පවති. ඒ අනුව ඉන්දියන් සාගරයේ පිහිටි දුපතක් වන ලංකාව තුල ද හදුනාගත හැකි ප්‍රධාන දේශගුණික ලක්ෂණයන් පවති. මෙහි දි ලංකාවේ දේශගුණික ලක්ෂණ නිර්මාණය වීමට බලපානු ලැබු සාධකයන් මෙන්ම උෂ්ණත්වය, වර්ෂාපතනය, පීඩනය, සුළං, ආර්ද්‍රතාවය වැනි කාලගුණයේ මුලිකාංග සහ ඒ අනුව බෙදා වෙන්කර ඇති ලංකාවේ ප්‍රධාන දේශගුණික කලාපන් ද වර්තමානය වන විට දේශගුණය ආශ්‍රිතව  හදුනාගත හැකි වෙනස්කම් ආදිය පිළිබදව මෙහි දි අධ්‍යනය කල හැකි වේ . ඒ අනුව ශ්‍රී ලංකාවේ දේශගුණය පිලිබදව අද්‍යනය කිරීම වැදගත් වේ. 

ශ්‍රී ලංකාවේ දේශගුණය හැදින්වීම

කිසියම් ප්‍රදේශයකට කෙටි කාලයක් තුල දී වායු ගෝලයේ ඇතිවන සාමාන්‍ය තත්වය  කාලගුණයයි. උෂ්ණත්වය, පීඩනය, වර්ෂණය ආදි වායුගෝලීය තත්වයන් සාපේක්ෂ වශයෙන් වසර 30ක් පමණ විශාල කාලයක් තුල විශාල ප්‍රදේශයකට බලපානු ලබයි නම් එය දේශගුණය වශයෙන් හදුන්වයි. ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ පිහිටීම ගතහොත් අංශක 5ක් උතුරින් ද උතුරු අක්ෂාංශ 4ක පරතරයක් ද අංශක 2ක දේශාංශ පරතරයකින් ද යුක්ත කුඩා දුපතක් වශයෙන් ලංකාව හදුනාගත හැක. එහි සාපේක්ෂ පිහිටීම ගතහොත් උතුරින් ඉන්දියාන් මහද්විපයත්, දකුණින්, නැගෙනහිරින්, බටහිරින් ඉන්දියන් සාගරයත් වශයෙන් හදුනාගත හැකි වේ. මේ ආකාරයට ලංකාවේ පිහිටීමේ ඇති වැදගත්කම නිසා ලංකාවේ දේශගුණය ඒ අනුව නිර්මාණය වී ඇත.  ලංකාව අග්නිදිග ආසියාතික මෝසම් තීරයේ පිහිටි මෝසම් දේශගුණයක් සහිත රටක් වශයෙන් සරලවම හදුනාගත හැකි වේ. කෙපන්ගේ දේශගුණ වර්ගිකරණයේ නිවර්තන දේශගුණයක් සහිත රටක් වශයෙන් ලංකාව දක්වා ඇත. මෝසම් දේශගුණයකට වඩා ලංකවේ දේශගුණය කෙරෙහි මුලික වශයෙන් ම බලපානු ලබන්නේ සංවහන වර්ෂාව බව සොයා ගෙන ඇත. එමෙන්ම අන්තර්නිවර්තන අභිසරණ කලාපය ලංකාවේ දේශගුණය කෙරෙහි බලපානු ලබන වැදගත් සාධකයකි. එහි පිහිටීමේ ඇතිවන විචලතාවය නිසා ලංකාවේ දේශගුණය වෙනස් වේ
ඒ වගේම නිරක්ෂිය පිහිටීම , පටු අක්ෂාංශ දේශාංශ වල ව්‍යාප්තිය , මධ්‍යම කදුකරයේ පිහිටීම , ඉන්දියන් සාගරයේ පිහිටීම ආදි ප්‍රධාන සාධකයන්ගේ බලපෑම නිසා ලංකාවට ලැබෙන උෂ්ණත්වය, වර්ෂාපතනය, පීඩනය, සුළං රටා වැනි දේශගුණික මුලිකාංග වල බලපෑම වෙනස්වන ආකාරය හදුනාගත හැකිය. දේශගුණික මුලිකාංග අතර දැඩි සම්බන්දතාවයක් පවති. එහෙයින් දේශගුණය පිළිබදව කරනු ලබන අධ්‍යනයේ දි මේ පිළිබදව වැඩිදුර අධ්‍යයන කිරීම වැදගත් වේ.

ශ්‍රි ලංකාවේ දේශගුණය කෙරෙහි බලපාන සාධක

ගෝලීය සාධක 

පෘථිවි ගෝලය ලෙස සලකන විට හා එහි ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන තත්ත්වයන් ගෝලීය සාධක ලෙස හදුන්වයී.

අන්තර් නිවර්තන අභිසරණ කලාපයේ පිහිටීම

පෘථිවි වායුගෝලයේ ස්කන්ධය නිසා පෘථිවි තලය මත ක්‍රියා කරන පීඩන තීර හදුනා ගත ගත හැකිය. සමකයට උතුරු සහ දකුණු දෙසින් පිහිටී වැඩි පීඩන පටියේ සිට සමකයට යාබද අඩු පීඩන පටිය වෙත ක්‍රියාකරන තෙරපුම් බලය නිසා වැඩි පීඩන ප්‍රදේශයේ සිට අඩු පීඩන පටිය වෙතට සුළං හැමිම සිදු වේ. කොරියොලිස් බලය නිසා මෙම සුළං ධාරා සමපීඩන රේඛා වලට ආනතව ගමන් කිරිම සිදු වේ. උතුරු අර්ධ ගෝලයේ වැඩි පීඩන තීරයේ සිට සමකය වෙත හමා එන සුළං ඊසාන දිගින් අඩු පීඩන කලාපය වෙත ගමන් කරයි. එකිනෙකට විරුද්ධ දිසාවෙන් හමා එන සළං ධාරා සමකය අවට පිහිටි එක්තරා ප්‍රදේශයක් සීමාවක් වෙත ලඟා වේ. ඝර්ම කලාපීය ප්‍රදේශ වල කාලගුණය පිළිබදව අවබෝධ කර ගැනිමට මේ කලාපය පිළිබදව අවබෝධය අත්‍යාවශය වේ. උතුරු හා දකුණු අර්ධ සමක ප්‍රදේශ වලට හමා එන සුළං එකිනෙකට හමුවන කලාපය ලෝකයේ විවිධ දේශාංශ වල දී විවිධ නම් වලින් හැදින්වේ. ආසියානු කලාපයේ දී මෙම කලාපය හදුන්වනු ලබන්නේ “අන්තර් නිවර්තන අභිසරණ කලාපය” වශයෙනි. ලෝකයේ විවිධ ප්‍රදේශ වල මෙම කලාපයේ ඇති ලක්ෂණ ප්‍රමුඛ කොටගෙන අන්තර් නිවර්තන දෙමෝදර, සමක බද පෙරමුණ අන්තර් නිවර්තන අසන්තතිය, අන්තර් නිවර්තන කඩඉම වශයෙන් හදුන්වනු ලබයි . චන්ද්‍රිකා මගින් ලබා ගන්නා ලද පින්තුර වල අන්තර් නිවර්තන අභිසරණ කලාපයේ පිහිටිම වළාකුළු වලින් ගහන පටියක් වශයෙන් පවතියි. මේ කලාපයේ ව්‍යුහයට ගෝලීය පිහිටිම, ගොඩබීම් හා ජලාශවල ව්‍යාප්තිය යන ආදි කරුණු බලපායි. මෙම කලාපයේ පිහිටීම උතුරු අක්ෂාංශ 15ත් දකුණූ අක්ෂාංශ 5ත් අතර කලාපයේ පිහිටයි.

සමක අඩු පීඩන ද්‍රෝණියේ පිහිටීම

ශ්‍රී ලංකාව පිහටිා ඇත්තේ සමක අඩු පීඩන ද්‍රෝණියේ ය. සමක ආශ්‍රිත ප්‍රදේශ වලට අධික සුර්යාලෝකය  ලැබීම නිසා ඒ ආශ්‍රිතව පිහටිි වායුව උණුසුම් වී සැහැල්ලූ වී ඉහළ නැගිම සිදු වේ. මේ නිසා සමක ආශ්‍රිත ප්‍රදේශ වල අඩු පීඩන ද්‍රෝණි හට ගනී. මේ නිසා අවට ඇති වැඩි පීඩන කලාප වලින් අඩු පීඩන කලාප වෙත සුළං හැමීම සිදු වේ. මේ ක්‍රියාවලිය නිසා සංවහන වර්ෂාව ඇති වේ. ඒ නිසා මාර්තු අප්‍රේල් ඔක්තෝම්බර් හා නොවැම්බර් මාස වල සංවහන වර්ෂාව ලැබේ.

සාගර දියවැල් වල බලපෑම

ශ්‍රී ලංකාවේ දේශගුණය කෙරෙහි දකුණු නිරක්ෂීය දියවැල බලපානු ලැබේ. අගුල්හාස් දියවැල නමින් ද මෙම දියවැල හදුන්වනු ලබයි. මැඩගස්කර දිවයිනේ  උතුරු මුහුදු කලාපයෙන් ආරම්භ වී ඊසාන දිසාවට ගමන් කරන අතර එය අරාබී මුහුදට ප්‍රවිශ්ට වී මෙන් පසුව එම ප්‍රදේශයේ දි නිරිත දිග මෝසම් ප්‍රවාහය ලෙස හැදින්වේ. මෙම මෝසම් ප්‍රවාහය අරාබී මුහුදේ දි මෝසම් සුළඟ සමග එකතු වීම නිසා එමගින් ශ්‍රි ලංකාවට බලපානු ලබන නිරිත දිග මෝසම් සුළගේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපානු ලබයි.

මෙම නිරිත දිග මෝසම් ප්‍රවාහය ඉන්දියාවේ බටහිර වෙරළ ඔස්සේ ගමන් කර බෙංගාල බොක්කට පැමිණේයි. සිසිරයේ මේ දියවැල ඊසාන දිග මෝසම් සුළං වල බලපෑමට ලක් වී අප්‍රිකාණු වෙරළ තෙක් ගමන් කරයි. මෙම ඊසාන දිග මෝසම් ප්‍රවාහය ශ්‍රි ලංකාවේ ඊසාන හා නැගෙනහිර කොටස් වල දේශගුණය කෙරෙහි බලපෑම් ඇති කරයි.

සමක හා උප නිවර්තන ජෙට් ප්‍රවාහයන්ගේ බලපෑම

උප නිවර්තන කලාපයේ ඉහල වායු ගොල්ය ආශ්‍රිතව හදුනාගත හැකි නැගෙනහිර බටහිර දිශානුගතව හමා යන පටු වායු ධාරාව ජෙට් ප්‍රවාහ ලෙස හැදින්විය හැකිය. මෙම වායු ධාරාව උත්තරාර්ධ ගෝලයේ  ගිම්හාන සෘතුවේ දී ද සාමාන්‍ය වේගය ඉක්මවමින් දඟර ආකාරයෙන් අධික වේගයකින් හමායයි.
මෙම සුළං ඉන්දියාවේ හිමාලය කදු වල බලපෑමෙන් විභේදනය වී එක් සුළං ධාරවක් ආසියාව දෙසට හමා ගොස් චීනය ප්‍රදේශයේ දි පහළට කිදා බැසිම නිසා මෙම ප්‍රදේශයේ වැඩි පීඩනයක් ඇති වේ. මෙම වැඩි පීඩනය දෙසින් සුළං නැවත ශ්‍රී ලංකාව දෙසට හමා ඒම නිසා ඊසාන දිග මෝසම ඇති වන බවට මතයක් පවති.
ශ්‍රී ලංකාවට හමන උතුරු නිරක්ෂීය සාගර ප්‍රවාහය උණුසුම් වායු ධාරාවකි. මෙම උණුසුම් වායු ධාරා මගින් අධික ජලවාෂ්ප ප්‍රමාණයක් නිරිතදිග මෝසම් සුළං වලට එකතු වේ.
මේ නිසා ශ්‍රී ලංකාවේ නිරිත දිග මෝසම් සුළං වඩාත් ප්‍රබල වේ. ශ්‍රී ලංකාව දෙසට හමන සයිබීරියානු වාතය ආරම්භයේ දි ශීත වායු ධාරවක් වුව ද බෙංගාල බොක්ක දෙසට හමා යන විට එය උණුසුම් වායු ධාරාවන් බවට පත් වේ. මෙම වායු ධාරාව බෙංගාල බොක්ක සාගරික ප්‍රදේශයේ කාලගුණය කෙරෙහි බලපානු ලබයි.

අක්ෂාංශීය පිහිටීම

ඕනැම රටක දේශගුණය කෙරෙහි අක්ෂාංශ ගත පිහටීිම වැදගත් වේ. දේශාංශ ගත පිහටීිම එතරම් වැදගත් නොවේ. ශ්‍රී ලංකාවේ  පිහිටීම ගතහොත් උතුරු අක්ෂාංශ 5˚55’ - 9˚50’ කලාපයේ ලංකාව පිහිටා ඇති නිසා ලංකාව නිරක්ෂිය කලාපයේ පිහිටා ඇති රටක් ලෙස හදුනාගත හැකි වේ.
නිරක්ෂිය පිහිටීම නිසා ලංකාවට අධික උෂ්ණත්වයක් හා අධික සුර්යතපනයක් පතිත වේ. සුර්යාලෝකය පුළුල් අයුරින් පතනය වීම නිසා එය දේශගුණයට බලපානු ලබයි. මෙම පිහටීිම නිසා වායුගොල්යේ ක්‍රියාකාරිත්වය වෙනස් වේ. මේ නිසා සංවහන ක්‍රියාලියට එය වැදගත් වේ.
නිරක්ෂිය පිහිටීම භූගෝලීය සමකයකට වඩා තාප සමකයේ පිහිටීමට බලපා ඇත. අන්තර් නිවර්තන අභිසරණ කලාපය මෙහි පිහිටා ඇති අතර සෘතු අනුව එය එහා මෙහා ගමන් කරයි.
තාප සමකය වෙනස් වීමට අනුකුලව සුළං පටි ද සංක්‍රමණය විම හේතුවෙන් උතුරු හා දකුණු නිවර්තන වල දී ලංකාව ඊසානදිග ගිනිකොනදිග වෙළද සුළං වලට හසු වේ. සුර්ය ගමන අනුව සියලුම දේශගුණික පටි අවුරුද්දේ කාලයකට එහා මෙහා යයි. දළ වශයෙන් ඩොල්ඩ්‍රම් තීරය බලපවත්නා මාර්තු-අප්‍රේල්-ඔක්තෝබර්-නොවැම්බර් කාල වල සංවහන වැස්ස ආදී සමක නිවාත ලක්ෂණ බලපායි..

👉👉👉තවත් කොටසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න 👉👉👉👉

No comments:

Post a Comment

Bottom Ad [Post Page]