Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

ජෙට් ප්‍රවාහ සහ දේශගුණය (The jet stream and climate )

ජෙට් ප්‍රවාහ සහ  දේශගුණය (The jet stream and climate )

ජෙට් ප්‍රවාහ මගින් දේශගුණයට කෙරෙන බලපෑම

දේශගුණ භූගෝල විද්‍යාව අධ්‍යනයේ දී වැදගත් එක් විෂය ඒකකයක් වශයෙන් ජෙට් ප්‍රවාහය හඳුනාගත හැකිය. ඒ අනුව ජෙට් ප්‍රවාහය යනු කුමක්ද යන්න භූගෝල විද්‍යාත්මක වශයෙන් විග්‍රහ කොට දක්වන අතර ජෙට් ප්‍රවාහයේ නිර්මාණ ක්‍රියාවලිය පිළිබඳවත් ජෙට් ප්‍රවාහය ප්‍රධාන වශයෙන් වර්ග කෙරෙන ආකාරය පිළිබදවත්  මෙහිදි අධ්‍යනය කරනු ලබයි. ඒ අනුව ප්‍රධාන වශයෙන් ජෙටි ප්‍රවාහය කොටස් හතරක් යටතේ මූලික වශයෙන් අධ්‍යනය කරනු ලබයි. ඒවානම් පෙරමුණු අධිවේගී ප්‍රවාහ හෙවත් ධ්‍රැවක ජෙට් ප්‍රවාහය, උප නිවර්තන අධිවේගී ප්‍රවාහය, නිවර්තන නැගෙනහිර අධිවේගී ප්‍රවාහය සහ පහළ මට්ටමේ අධිවේගී ප්‍රවාහ වශයෙන් ජෙට් ප්‍රවහයන් වර්ග කර දක්වයි. ඉහතින් දක්වා ඇති ආකාරයට වර්ග කර දක්වන ජෙටි ප්‍රවාහයට අයත් මෙම ඒකකයන් වෙන වෙනම අධ්‍යනය කිරිම මේ යටතේ සිදු කොට ඇති අතර  එමෙන්ම ජෙට් ප්‍රවාහය මගින් දේශගුණයට සිදුවන බලපෑම පිළිබඳවත් මෙහිදී සාකච්චා කෙරේග මේ අනුව ප්‍රධාන වශයෙන් දේශගුණයට සිදු වන බලපෑම සාකච්චා කිරිමේදී වර්ෂාපතනයට සිදු වන බලපෑම පිළිබද මෙහිදී වැඩි අවදාවයක් යොමු කොට ඇත. මීට අමතරව එල්නිනා ලානිනා තත්වයන් ඇති කිරිමටද ජෙටි ප්‍රවාහය මගින් සිදු කෙරෙනා බලපෑම සහ සමස්තයන් වශයෙන් ලෝකයේ විච්ධ දේශගුණ කලාප වල දේශගුණික තත්වයන් වෙනස් කිරිම කෙරෙහී ජෙටි ප්‍රවාහය මගින් සිදු කෙරෙනා බලපෑම පිළිබද අවබෝදයක් මෙමගින් ලබාගත හැකිය. 

ජෙට් ප්‍රවාහය යනු කුමක්ද ?

අධිවේගි ප්‍රවාහ යන වචනය ඉංග්‍රිසි භාෂාවෙන් හැදින්වීම සදහා භාවිතා කරනු ලබන්නේ ජෙට් ප්‍රවාහය යන නාමයයි, වායුගොලීය සංසරණය පිළිබදව මෑතකාලීනව කරන ලද පර්යේෂණ මගින් ජෙට් ප්‍රවාහය පිළිබද අදහස් පල වී තිfබී. ධ්‍රැවය වටා මෙම සුළං දහරාව ගමන් කරනා බව නිරීක්ෂණය කර ඇත. මෙහි ගමන් රටාව දගර සහිත බවක් පෙන්නුම් කරයි. ධ්‍රැවය වටා මෙම ජෙට් ප්‍රවාහය ගමන් කිරිම නිසා පරි ධ්‍රැවක සුළං සංසරණය ලෙස හදුන්වා දී තිබෙයි. මෙම අධිවේගි ජෙට් ප්‍රවාහ ගමන් කිරිම නිසා පහල වායුගෝලීය දේශගුණය කෙරෙහි බලපෑමක් ඇතිවන බව හදුනාගෙන ඇත. අධිවේගි ප්‍රවාහ හෙවත් ජෙට් ප්‍රවාහය මේ වන විටද පර්යේෂණ මට්ටමේ පවතින්නා වූ දේශගුණ විද්‍යා විෂය ඒකකයක් වශයෙන් හදුනාගත හැකිය එමෙන්න ඒ සම්බන්දයෙන් ඉදිරිපත් වී ඇති මතයන් සහ අදහස්ද ඇතැම් විට එකිනෙකට වෙනස් වන අතර සමස්තයක් වශයෙන් ජෙට් ප්‍රවාහය පිළිබද පිලිගත් මතය වන්නේ එය අධිවේගී සුළං දහාරාවක් වන බවයි.   
 මේ අනුව අධිවේගි ප්‍රවාහ හෙවත් ජෙට් ප්‍රවාහය පිළිබද මහාචාර් සෙනෙවි එපිටවත්ත දක්වා ඇත්තේ පහත දක්වා ඇති අදහසයි.   

අධිවේගි ප්‍රවාහ හෙවත් ජෙට් ප්‍රවාහය කිලෝමීටර් දහස් ගණනක් දිග, කිලෝමීර් සිය ගණනක් පළල, කිලෝමීර් කිහිපයක ඝණකම ඇති හර ප්‍රදේශයේදී වේගය තත්පරයට මීටර් 30ට වැඩි සිරස් හා තිරස් අනුක්‍රමණ සහිත වායුගැලීමක් වශයෙන් හැදින්විය හැකිය                                                                                                                                                                                                 (මහාචාර් සෙනෙවි එපිටවත්ත) 
පිහිරි දහරාව ලෙස ද හඳුන්වන අධිවේගි ප්‍රවාහ හෙවත් ජෙට් ප්‍රවාහය අංශක 35-45 අතර කලාපයේ ඉහළ වායු ගෝලයේ ගමන් කරන අධිවේගී සුළං ධාරාවක් වශයෙන්ද හදුන්වා දිය හැකිය. අධිවේගි ප්‍රවාහ හෙවත් ජෙට් ප්‍රවාහය නිර්මාණය වීමට සුළං වල හමායාම සම්බන්ධය. සුළං හමා යාම කෙරෙහි ප්‍රබල සම්බන්දතාවයක් පවතින්නේ උෂ්ණත්වය සහ පීඩනය යන සාධකයන්ය. උෂ්ණත්වය නිසා පරිමාවේ අඩු වැඩි වීම සිදු වෙයි. ඕනෑම ස්ථානයක් හා සම්බන්ද සුළං හමායාමේ ලක්ෂණ පැහැදිලි කිරිම සදහා දෛශික නැමති ගණිත විද්‍යාත්මක ක්‍රමය භාවිතා කරයි. සුළං හමායාම බොහෝවිට සමපීඩන තලවලට සමාන්තරව සිදුවන අතර එහි ප්‍රවේග තීරණය වීමට තාප අනුක්‍රමනය මෙන්ම පීඩන අනුක්‍රමණද බලපානු ලැබෙයි. තාප අනුක්‍රමනය අනුව පවත්නා වේගය හදුන්වන්නේ තාපජ සුළං යනුවෙනි. හමායන සුළගක ප්‍රවේගය තාපජ සුළං සහ භූ වර්තී සුළං වල ප්‍රවේගයේ දෛශික අගය ලෙසට හදුන්වයි.

ජෙට් ප්‍රවහය නිර්මාණය වීමේ ක්‍රියාවලිය පිළිබද අවදානය යෙිමු කිරිම මේ යටතේ වැදගත් වන අතර ඒ යටතේ අධිවේගි ජෙට් ප්‍රවාහ නිර්මාණය වීමේ ක්‍රියාවලිය සදහා ප්‍රධාන වශයෙන් බලපාන සාධක දෙකක් හඳුනාගත හැකිය                            
  1.  කෝණික ගම්‍යතාවය 
  2.  කොරියෝලියස් බලවේගය 


  •  කෝණික ගම්‍යතාවය 


ජෙට් ප්‍රවහය නිර්මාණය වීමේ ක්‍රියාවලියට බලපාන ලද සාදක අතර වැදගත් සාධකයක් වශයෙන් කෝණික ගම්‍යතාවය හදුනාගත හැකිය. කෝණික ගම්‍යතාවය යනුවෙන් සරලව අදහස් කෙරෙන්නේ ස්කන්ධයේත් ප්‍රවේගයේත් අරයේත් ගුණිතයයි
මෙහි දී අරය වැඩි වන ව්ට ප්‍රවේගය අඩු වන අතර අරය අඩු වන විට ප්‍රවේගය වැඩි වෙයි        මෙය ජෙට් ප්‍රවාහය හා සම්බන්ධ කිරීමේ දී භ්‍රමණ අක්ෂය හා ජෙට් ප්‍රවාහය අතර දුර ප්‍රමාණය අනුව තීරණය කෙරේ. එනම් ජෙට් ප්‍රවාහය ධ්‍රැවක ප්‍රදේශ වල ගමන් ගන්නා විට එය භ්‍රමණ අක්ෂයට ආසන්නයෙන් ගමන් කිරීම නිසා අරය අඩු වීම අනුව ප්‍රවේගය වැඩි  වීම නිසා ගමන් කරන වේගය වැඩි වේ. නමුත් උප නිවර්තන ජෙට් ප්‍රවාහය භ්‍රමණ අක්ෂයට ඈතින් පිහිටන විට අරය වැඩි වන නිසා කෝණික ගම්‍යතාවට අනුව ප්‍රවේගය අඩු වේ.   
   
  •  කොරියෝලිස් බලවේගය  


ඉහත රූපයේහි දැක්වෙන පරිදි මෙම කෝරියෝලිස් බලවේගය නිසා උත්තරාර්ධගෝලීය සුළං දක්ශිණාවර්තවත් දක්ශිණාර්ධගෝලීය සුළං වාමාර්තවත් ගමන් කරයි. මෙහි දී ජෙට් ප්‍රවාහයේ දිශාව වෙනස් කරමින් එහි ගමන් මාර්ගය දඟර ස්වරූපය පවත්වාගෙන යාමට කෝරියෝලිස් බලවේගය බලපාන ආකාරය අපට හඳුනාගත හැකි වේ. 

 ජෙට් ප්‍රවාහය නිර්මාණය වීමේ ක්‍රියාවලියට බලපාන ලද අනෙක් සාධකය වශයෙන් සලකනු ලබන්නේ කොරියෝලියස් බලවේගයයි. පෘථිවි භ්‍රමණය හේතුවෙන් ඇතිවන බලවේගයක් ලෙස කොරියෝලියස් නැතහොත් අපක්‍රමණ බලවේග  පෙන්වා දී තිබේ. භ්‍රමණය වන පෘථිවියේ කිසියම් වස්තුවක් ඉවතට විස්ථාපනය වීමේ නැඹුරුතාව ලෙස මෙම අපක්‍රමණ බලවේග හඳුන්වා දිය හැකිය. ගෝලීය සුළංවල දිශාව තීරණය වීමේදී මෙම අපක්‍රමණ බලය බලපැවැත්වේ. සමක ප්‍රදේශයේ දී අඩුම අපක්‍රමණ බලයක් ඇති අතර ධ්‍රැවක ප්‍රදේශ වල වැඩිම අපක්‍රමණ බලයක් පවති. මෙය කෝරියෝලිස් නමැත්තා විසින් සංඛ්‍යාත්මකව ගණනය කර ඇත.එම හේතුව නිසාවෙන් මෙය කොරියෝලියස් බලවේගය වශයෙන් හදුන්වනු ලබයි. මෙම කොරියෝලිස් බල හේතුවෙන් උත්තරාර්ධගෝලීය සුළං දක්ෂිණාවර්තවත් දක්ෂිනාර්ධගෝලීය සුළං වාමාර්තවත් හමායාම සිදුවන බව හඳුනාගෙන ඇත       

ජෙට් ප්‍රවාහ වර්ගීකරණය    ජෙට් ප්‍රවාහයන් ප්‍රධාන  වශයෙන් කොටස් 04ක් යටතේ වර්ග කර දැක්විය හැකිය
  1.  පෙරමුණු අධිවේගී ප්‍රවාහය/ධ්‍රැවක ජෙට් ප්‍රවාහය            
  2.  උප නිවර්තන අධිවේගී ප්‍රවාහය  
  3.  නිවර්තන නැගෙනහිර අධිවේගී ප්‍රවාහය  
  4.  පහළ මට්ටමේ අධිවේගී ප්‍රවාහ 

ඉහතින් දක්වා ඇති ආකාරයට ජෙට් ප්‍රවාහය වර්ග කොට දැක්විය හැකි අතර මේවා එකින් එක අධ්‍යනය කිරීම මෙහිදී වැදගත් වෙයි. මේ අනුව පහත පරිදී මේවා එකින් එක හදුනාගත හැකිය. 


ධ්‍රැවක ජෙට් ප්‍රවාහය /පෙරමුණු අධිවේගී ප්‍රවාහය 


1930 ගනන් වලදී ජර්මන් ජාතික කාළගුණ විද්‍යාඥයින් විසින් පෙරමුණු අධිවේගි ප්‍රවාහ පිළිබදව පර්යේෂණ සිදු කරනු ලැබීය. එම පර්යේෂණ තව දුරටත් කරගෙන යාම කැනේඩියානු කාලගුණ විද්‍යාඥයින් විසින් සිදු කර ඇත. මෙම දෙපිරිස පෙරමුණු අධිවේගී ප්‍රවාහ පිළිබද පර්යේෂණ කිරිමට උනන්දු වීමට හේතුව වන්නට ඇත්තේ එම ප්‍රදේශ වල භූගෝලිය පිහිටිම පෙරමුණු අධිවේගී ප්‍රවාහ වල බලපෑමට යොමු වන නිසාය. මෙම ජෙට් ප්‍රවාහය ඇති වනනේ  උතුරු අර්ධ ගෝලයේ උතුරු ඇමෙරිකාව යුරෝපය ආසියාවේ උතුරු ප්‍රදේශය හා දකුණු අර්ධ ගෝලයේ ඇන්ටාක්ටිකා ප්‍රදේශයේයග පෙරමුණු අධිවේගී ප්‍රවාහ මීටර් 9100 පමණ උසින් එනම් 300පඉ්ර මටිටමේ ක්‍රියාත්මක වෙයි. මේ හා සම්බන්ද උණුසුම් සහ ශීත පෙරමුණු කිහිපයක් පවතී. ධ්‍රැවක ජෙට් ප්‍රවාහය ගමන් කරන දිශාව තීරණය වන්නේ කොරියෝලිස් බලවේගය ප්‍රධාන කර ගනිමිනිග ඒ අනුව උතුරට හමා යන වාතස්කන්ධය භ්‍රමණ අක්ෂයට ඉතාමත් ආසන්නයෙන් ගමන් කිරීම නිසා එහි අරය අඩු වේග කෝණික ගම්‍යතාවයට අනුව අරය අඩු වන විට එහි ප්‍රවේගය අඩු වේග එලෙස නිර්මාණය වන සුළං ධාරාව නැගෙනහිර දෙසට හමා යන නමුත් එය නිර්මාණය වන්නේ බටහිරිනිග ඒවා වෙළඳ සුළං ලෙස හඳුන්වනු ලැබේ. උෂ්ණත්ව අන්තරය ඉහළ යාම මෙම ජෙට් ප්‍රවාහ තව දුරටත් ශක්තිමත් කිරීමට හේතු වේග ශීත සෘතුවේදී උෂ්ණත්ව අන්තරය ගිම්හාන සෘතුවට වඩා හොඳින් හඳුනා ගැනීමට හැකි වේග උෂ්ණත්ව අනුක්‍රමණය මෙම ශීත සෘතුවේදී වැඩි නිසා මෙම සෘතුවේදී නිර්මාණය වන ජෙට් ප්‍රවාහ විශාල වශයෙන් ශක්තිමත් වේ. ගිම්හාන සෘතුවට වඩා ශක්තිමත් වේ. 
👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉


No comments:

Post a Comment

Bottom Ad [Post Page]