Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

පාෂාණ සහ ඛනිජ

පාෂාණ සහ ඛනිජ

01 පාෂාණ සහ ඒවා නිර්මාණයට බලපා ඇති ඛනිජ


පාෂාණයක් යනු ඛනිජ විශාල වශයෙන්එක් රැස් වීම තුලින් ගොඩනැගෙනන් නා වූ විෂමාකාර සංයුතියකින් යුක්තවන ඝන ස්කන්ධයක් ලෙස අර්ථ දැක්විය හැකිය. පාෂණ ජිරණයට ලක්වීම තුලින් පස හෙවත් පාංශු ජනනය සිදුවේ. පෘථිවියේ මව් පාෂාණය මත ජීරණ ක්‍රියාවලිය විවිධාකාර ස්වරුපයෙන් ඇතිවන අතර මව් පාෂාණය ජීරණය වීම තුලින් එහි ඇති ඛනිජ ද්‍රව්‍ය පසට එකතු වීම් සිදුවේ . මෙහිදී පෘථිවියේ තැනුම් ඒකකය ද වන්නේ පාෂානයි. ඊට ඉහලින් විවිධ කාල පරාසයන් තුල නිර්මාණය වූ පස් සහ අවසාධිත තට්ටුවක් හදුනාගත හැකිය මෙහිදී පාෂාණ නිර්මාණය වීමට බලපාන ලද ඛනිජ වර්ග රැසක් හදුනාගත හැකි වේ. ඛනිජ වලින් වැඩි ප්‍රමාණයක් ඉතාමත් දුර්ලබ විම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි.බහුලව දක්නට ලැබෙන ඛනිජ ප්‍රමාණය විස්සකි. එම ඛනිජ පාෂණ නිර්මාණය කරන ඛනිජ ලෙස හැදින්වේ. (Rock Forming minerals) එලෙස පාෂණ නිර්මාණය කරන ඛනිජ රැසක් මතු දැක්වේ.  
  • ·         තිරුවානා හෙවත් ක්වාට්ස්
  • ·         ෆෙල්ඩ්ස්පාර්
  • ·         මයිකා
  • ·         පයිරෝක්ෂින්
  • ·         කැල්සියම්
  • ·         යකඩ

මෙලෙස පාෂාණ නිර්මාණය වීම කෙරෙහි බලපාන ලද ප්‍රධාන ඛනිජ කිහිපයක් හදුනාගත හැකිය.

02 පාෂාණ ප්‍රධාන වර්ගීකරණය

පාෂාණ නිර්මාණය වීමෙන් පසුව ඒවා බහිර්ජන්ය ඛාදනකාරක වල බලපෑම හේතු කොටගෙන ජීරණ ක්‍රියාවලියට ලක්වීම ප්‍රධාන වශයෙන් හදුනා ගත හැකිවේ. මෙලෙස ජීරණය වීම තුළන් පෘථිවිය මතුපිට  ශක්තිමත් පාෂාණ නිර්මාණය වීම සිදු වෙයි.
මෙලෙස නිර්මාණය වන පාෂණ ප්‍රධාන වර්ගීකරණයක් හමුවෙයි. එනම්
  • ·         ආග්නේය පාෂාණ
  • ·         අවසාධිත පාෂණ
  • ·         විපරිත පාෂණ

2.1 ආග්නේය පාෂාණ

පෘථිවිය මධ්‍යයේ පවතින ද්‍රව්‍ය මැග්මා පෘථිවිය මතු පිටට පැමිණ ඝනීකරණය වීම තුලින් ආග්නේය පාෂණ නිර්මාණය විම සිදුවේ. ආග්නේය පාෂණ වල විවිධත්වයක් පවතියි. ප්‍රධාන වශයෙන් සිලිකේට් ඛනිජය තුලින් නිර්මාණය වී තිබීම හදුනාගත හැකිය. ඒ අනුව පාෂාණ නිර්මාණය වී ඇත්තේ සිලිකේට් මැග්මා වලින් බව පැහැදිලිය.
එමෙන්ම ආග්නේය පාෂාණ අතර අතරමැදි පාෂාණ ද නිර්මාණය වී ඇති ආකාරය  හදුනාගත හැකි වේ. විවධ නිර්ණායක පදනම් කරගෙන ආග්නේය පාෂාණ වර්ගීකරණය කර ඇති ආකාරය හදුනා ගතහැකි වේ. ඒ වා නම් ,
  1. ·         රසායනික වර්ගීකරණය (chemical classification)
  2. ·         ඛනිජ විද්‍යාත්මක වර්ගීකරණය (mineralogical classification)
  3. ·         භූ විද්‍යාත්මක වර්ගීකරණය (geological classification)
  4. ·         ප්‍රභාවාත්මක වර්ගීකරණය (genetic classification)
  5. ·         එකා බද්ධ හෙවත් සංයුක්ත ක්‍රමය (combined method)

ආග්නේය පාෂාණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි වේ.
  • ·         ආක්‍රාන්ත ආග්නේය පාෂාණ
  • ·         නිශ්ක්‍රාන්ත ආග්නේය පාෂාණ

ආක්‍රාන්ත ආග්නේය පාෂාණ යනුවෙන් හදුනාගත හැකි වන්නේ පෘථිවි මධ්‍යයේ සිට පැමිනෙනේ මැග්මා පීඩනය හා උෂ්ණත්වයහි පවතින වෙනස් කම් හේතුකොටගෙන ස්පටිකිකරණයට ලක්වීම සිදුවෙයි. මේවා බොහෝ අවස්ථාවලදී පෘථිවිය අභ්‍යන්තරහිම ඝන වීම සිදුවන අතර බහිර්ජන්ය කාරක ක්‍රියාවල හේතුවෙන් ජීරණය වීම් නිසා පියවි ඇසට හදුනාගත හැකිය.
නිශ්ක්‍රාන්ත ආග්නේය පාෂාණ ලෙස අර්ථවත් කරනු ලබන්නේ පෘථිවි මද්‍යයේ පවතින මැග්මා අධික පීඩනය හා තාපය හේතුකොටගෙන පෘථිවි පෘෂ්ටයට පැමිණීම සිදුවේ මෙලස පැමිණෙනමැග්මා වල උෂ්ණත්වය අඩුවීම නිසා පෘථිවි කබොල මත ඝනීභවනය විම සිදුවෙයි.
ආග්නේය පාෂණ වර්ග
  • ·         ග්‍රැනයිට්
  • ·         ෆෙල්සයිට්
  • ·         ඔබ්සිඩියන්
  • ·         බැසෝල්ට්

2.2 අවසාධිත පාෂාණ

ආග්නේය පාෂාණ පොලොව මතුපිටට පැමිණි පසුව ඛදනකරකවල බලපෑම නිසා පහසුවෙන් වැලි මැටි බවට පත් වී ශාක කොටස් සහ සත්ව කොටස් සමගම පවතින ස්ථානයෙන් බැහැරට ගොස් වෙනමම එම කොටස් එකතු වී තැම්පත් වීම නිසා නිර්මාණය වන පාෂාණ විශේෂයි.
අවසාධිත පාෂාණ වර්ග
  • ·         වැලි ගල්
  • ·         හුණු ගල්
  • ·         ගල් අගුරු
  • ·         ඩොලමයිට්

2.3 විපරිත පාෂාණ
උෂ්ණත්වය පීඩනය හා රසායනික පරිසර වෙනස් වීම හේතුවෙන් විපරිත පාෂාණ නිර්මාණය වන බව හදුනා ගත හැකි වේ.  තිබෙන පාෂාණය වෙනස් වීම විපරිතකරණය ලෙස හදුනාගත හැකි වේ. ඒ තුලින් නව පාෂාණයක් නිර්මාණය වීම මෙහිදී හදුනාගත හැකි වේ. තවදුරටත් පෙන්වාදීමේදී තිබෙන පාෂණයේ ස්වරුපය රසායනිකව වෙනස් වී නව පාෂාණයක් නිර්මාණය වීම මෙහිදී පෙන්වාදීමට හැකි වේ.
                                                                                              
විපරිත පාෂාණ තවදුරටත් වර්ගීකරණයට ලක්ව තිබේ.විපරිතකරණය සිදුවන විවිධ ආකාර අනුව විපරිත පාෂාණ නැවත වර්ගීකරණයට ලක්කර හැකි වේ.
  • ·         තාප විපරිතතාවය -  උෂ්ණත්වය හේතුකොටගෙන විපරිතකරණයට ලක්වීම
  • ·         ඇඹුරුණු විපරිතකරණය-  පෘථිවි පෘෂ්ඨයේ ඇතිවන චලන හේතුවෙන් විපරිතකරණයට ලක්වීම
  • ·  විද්‍යුත් පාදක විපරිතතාවය - ප්‍රත්‍යාබලය සහ උෂ්ණත්වය ප්‍රධාන සාදක බවට පත්වෙයි.
පෘථිවි පෘෂ්ඨයේ මධ්‍යස්ථ ගැඹුරු මට්ටම්වල පවතියි. උෂ්ණත්වය අධික නැත.මේ නිසා විද්‍යුත් පාදක විපරිතතාවය මගින් මව් පාෂාණය යලි ස්පටිකිකරණයට ලක් කෙරේ.
·         අග්නිජ විපරිතතාවය - ඒකාකාර පීඩනය සහ උෂ්ණත්වය ප්‍රධාන සාදක බවට පත්ව තිබේ. ඒකාකර පීඩනය නිසා උපත ලැබූ ඛනිජ නව තත්වයක් යටතේ  පරිමාව අඩුකර පරිවර්තනය වීම මෙහිදී සිදු කෙරේ.


 03 පාෂාණ ජීරණ ක්‍රියාවලි වර්ග

3.1 භෞතික ජීර්ණය

ශිත හා කදුකර ප්‍රදේශ වල රසායනික ජීරණය බොහෝවිට කැපිපෙනෙන ක්‍රියාවලියක් ලෙස keller සදහන් ඇතත් පාෂාණ කුට්ටි වශයෙන් වෙන් කිරීම සහ බිදවැටීමේ ක්‍රියාවලියේ දී භෞතික ජීරණය වඩාත් ප්‍රමුඛ  වී තීබේ භෞතික ජිරණයේදී එහි රසායනික හෝ එහි අඩංගු ඛනිජ වල වෙනස් කම් සිදු නොවේ මෙහිදී භෞතික ජීරණය පදනම් කරගෙන ප්‍රධාන තේමාවන් තුනක් යටතේ arther lBloom අධ්‍යනය කර ඇත.
  • 1.      පෘථිවි පෘෂ්ඨයේ මතුපිට පාෂාණ නිරාවරණය වූ විට පීඩනය මුදාහැරීමේ මාර්ගයෙන් සිදුවන පාෂාණ ප්‍රසාරණය
  • 2.      පාෂාණ පැලීම් හා ජිද්‍ර වල අයිස් ලවන ස්පටික තැම්පත් වීම
  • 3.      තාපවත් වීම හා සිසිල් වීම නිසා පාෂාණ ප්‍රසාරණය මත සංකෝචනය වීම


මෙහි 2 හා 3 වන ක්‍රියාවල සදහා ප්‍රබල ලෙස දේශගුණය බලපාන බව හදුනාගත හැකිය

3.2 රසායනික ජීරණය

රසායනික ජීරණය භෞතික ජිරණයේදී  ප්‍රධාන වශයෙන් සංකෝචනය වීම හා ප්‍රසාරණය හේතු වී  තිබේ එහෙත් මෙම ජීර්ණ ක්‍රියාවලියේදී පාෂාණ කුට්ටි වශයෙන් හෝ පතුරු වශයෙන් ඛණ්ඩනය වීම පමණකි   එම පාෂාණයේ හෝ පාෂාණයෙන් වෙන් වූ ඛනිජ වල වෙනස් වීමක් සිදු නොවේ එහෙත් පාෂාණයේ ඇති කනිජ වල පවතින රසායනික සංයුතියහි ඇතිවන වෙනස්කම් රසායනික ජීරණය ලෙස හදුන්වනු ලැබේ. රසායනික ජීරණය කෙරෙහි “පේල්ටියර්” (1950) කල  අධ්‍යනය ඉතාමත් වැදගත් එකකි. ඔහු ප්‍රස්ථාරයක් භාවිත කරගනිමින් දේශගුණය හා රසයනික ජීරණය අතර පවතින සහ සම්බන්ධතාවය පිලිබදව පෙන්වාදී තිබේ.
මෙහිදී රසායනික ජිරනයක් සිදුවීම කෙරෙහි රසායනික සාදක කිහිපයක් බලපාන බව හදුනාගෙන ඇත. එනම්
·         ද්‍රවණය
·         සජලනය
·         ජල විච්ජේදනය
·         ඔක්සිකරණය
·         කිලෙටකරණ

3.3 ඡෛව ජීරණය

පැළෑටි මුල පද්දතිය නිසා පාෂාණ වල ඇතිවන බලපෑම් සාකච්චා කර ඇත්තේ යාන්ත්‍රික ජීරණය යටතේය . පාෂාණ දැදුරුඔස්සේ ශාක වල මුල් සිරස්ව පහලට ගමන් කරයි. එමෙනම් තිරස් පැලුම් ඇති අවස්ථාවල ශාකවල මුල් තිරස් අතට ගමන්කිරීමේ ලක්ෂණ ද හදුනාගෙ ඇත. ශාක මුල් වලින් පිට අරණ පීඩනය සහ බලය නිසා එම පැලුම් තව දුරට ත් ප්‍රසාරණය වේ. ඒ නිසා පාෂාණ පැලුම් ඔස්සේ පාෂාණ කුට්ටි අතර පරතර වැඩි වීම නිසා ශාක මුදුන් මුල තව දුරටත් වර්ධනය වේ. එම ශාක දැඩි සුලං පවතින අවස්ථාවල චලනය වීම නිසා තවදුරත් ඒ පාෂාණ පැලුම් තිව්‍රර වීම් හදුනාගත හැකි වේ

04 පාෂාණ ජීරණයට බලපාන සාධක

පාෂාණ ජීරණය ලෙස පෙර කි ලෙසින්ම පෙන්වාදීමට හැකි වන්නේ විවිධ ක්‍රම මගින් පාෂාණ ක්‍රමිකව ගෙවා දැමීමයි මෙහිදී පාෂාණ ගෙවා දැමීම සදහා විවිධ හේතු සාධක පවතින අතර ප්‍රධාන වශයෙන් පාෂාණයක් ජීරණය වීම සදහා පහත සදහන් හේතු සාධක ප්‍රබල ලෙසටම බලපෑම් එල්ල කරයි.

4.1 පාෂාණ වියුහය

පාෂාණ වියුහය පිලිබදව  සාකච්චා කිරීමේදී පාෂාණ වියුහය යටතේ අවදානය යොමුව ඇත්තේ නැමි විභේද සහ අනනුකුලතා වැනි දෑ පමණකි එහෙත් පාෂාණ වියුහය පිලිබදව අධ්‍යනය කිරීමේදී පහත සදහන් කරුණු යටතේ අධ්‍යනය කිරීම ඉතාමත් වැදගත් බව පැහැදිලි කරුණකි
  • ·         සන්ධි තිබීම හෝ නොතිබීම (presenc or absence of joints)
  • ·         තට්ටු වැටීමේ තලය( bedding planes)
  • ·         විභේද සිරස් සහ තිරස් ආකාර දෙකම
  • ·         වලිය නැමි (folds)
  • ·         පාෂාණ වල විශාලත්වය (rock massiveness)
  • ·         ඛනිජ සංඝටක වල භෞතික දැඩි බව (physical hardness of the constituent minerals)
  • ·         පාෂාණ වල පර්ගම්‍යතාවය හෝ අපාරගම්‍යතාවය( permeability or impermeability of rock)

ඉහත සදහන් කරුණු තුලින් භෞතික ලක්ෂණ මෙන්ම රසායනික ලක්ෂණ පිළිබදවද කනිජ සංයුතිය ද අර්ථවත් වන බල පැහැදිලි වේ.

4.2 දේශගුණය

ජීරණ ක්‍රියාවලියේදී වර්ෂණය ඉතාමත් වැදගත් සාදකයක් වන බව හොදින්ම දන්නා කරුණකි .ඒ පිලිබදව අධ්‍යනය කිරීමේදී ශුෂ්ක සහ ආර්ද්‍ර දේශගුණයන් පිලිබදව අධ්‍යනය කිරීම ඉතාමත් වැදගත් වේ මෙම දේශගුණ දෙවර්ගය උෂ්ණත්වය අනුව උප කොටස් වලට වර්ග කල හැකි වේ. ඒ අනුව අර්ද්‍ර නිවර්තන ප්‍රදේශ වල පාෂාණ ජීරණ ක්‍රියාවලිය ඉතාමත්ම වැදගත් බවක් දක්වයි. එහෙත් එය ශුෂ්ක ප්‍රදේශ වල කැපී පෙනෙන ලක්ෂණයක් නොවේ. එහෙත් ශුෂක ප්‍රදේශ වලද ජලයේ පවතින හිගතාවය සහ අධික වියලි බව නිසා පාෂාණ බිදීයාම සිදුවේ. ශුෂ්ක ප්‍රදේශ වල ජල හිගය නිසා වියෝජන ක්‍රියාවලි අඩාලතත්වයක් මේ අනුව හදුනාගත හැකි වේ. මේ අනුව ශුෂ්ක ප්‍රදේශ වල පාෂාණ වියෝජනයේදී වඩාත් ප්‍රමුඛ වන්නේ භෞතික ජිරණයයි .

4.3 භුරුපය

උච්චත්වය සහ භුමියේ පවතින ස්වරුපය භුරුපය ලෙස අර්ථවත් කරයි. මෙහිදී භුමියේ පවතින විෂමතාවය පාදක කර ගනිමින් පාෂාණ ජීරණ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේදැයි අධ්‍යනය කරනු ලැබේ ඒ අනුව කන්දක පවතින ප්‍රදේය පිලිබදව විමසා බලමින් එය කෙසේ ජීරණ ක්‍රියාවලියට බලපාන්නේ දැයි සාකච්චා කල හැකි වේ.
  • ·         කදු මුදුන - පස නිර්මාණය වීමේ ක්‍රියාවලිය මෙහිදී සිදුවේ.
  • ·         මුහුණත- කදු මුදුනේ උත්තල බෑවුම අවසන් වන ස්ථානයේ පිහිටා ඇත පාංශු රුරාව බලපවත්යි.
  • ·         දඹය - භෞතික ජීරණය මෙන්ම රසායනික ක්‍රියාවලියද දක්නට ලැබේ පාෂාණවල කුට්ට් ඛණ්ඩනය දක්නට ලැබේ .
  • ·         සමත පා බැවුම - දබයේ සිට එකතුවන ද්‍රව්‍ය මෙහි පවතියි .
  • ·         පාෂාණ උද්ගතය - ඛාදනයේ ප්‍රතිපලයක් වශයෙන් ශේෂ වී පවතින පාෂාණ , මෙම පාෂාණ භෞතික ජිරණයට ලක්වීමෙන් ජිරණයට පත් වේ .
  • ·         පහල බෑවුම -පාංශු නිර්මාණය දක්නට ලැබේ
  • ·         තුහින විවිරය -ශිත සුලන් ඒකරාශි වන ස්ථානයකි මෙය ශිත ප්‍රදේශවල දක්නට ලැබේ
  • ·         පිටාරතැන්න-ගංගාවක අවසාධිත තම්පත්වන ස්ථානයකි.

  • ·         පහත්බිම - පිටාරතැන්න සහ ගංගා නිම්නය අයත් සීමාවයි

මෙලෙස විවිධ භූවිෂමතා ලක්ෂණ තුලදී පාෂාණ ජීරණය වීම සහ එතුලින් පාංශු මහල් නිර්මාණය වීමේ ක්‍රියාවලියක් පවතියි මෙහිදී කන්දක පවතින ප්‍රධාන භූරුප ලක්ෂණ සමග සැසදීම ඉහත අයුරින් සිදු කිරීමේදී පාෂාණ ජීරණ ක්‍රියාවලිය කෙලෙස සිදුවන්නේ දැයි අධ්‍යනය කල හැකි වේ.

4.4 වෘක්ෂලතා

භෞතික ජීරණය සහ රසායනික ජීරණය මගින් ජීරණය කරගත් පාෂාණ තවදුරටත් පැලැටි සහ සතුන් ගේ මැදිහත් වීම මත තවදුරටත් වියෝජනය වීම සිදුවේ. මෙලෙස සිදුවන වියෝජනයේ අතුරු ප්‍රතිපලය වන්නේ පාංශු නිර්මාණය වීමයි.
මෙහිදී පාෂාණ මත විවිධ ශාක විශේෂ මෙන්ම ලයිකන සහ පාසි වැනි ශාකමය දෑ වර්ධනය වේ. මෙම ශාක වලින් විවිධ රසායනික ක්‍රියාවලි පාෂාණ මත ක්‍රියාත්මක වේ. නොයෙකුත් කාබනික අමිල මෙහි මුදාහරි ඒ තුලින් පාෂාණය මත ඉතාමත් සෙමින් ක්‍රියාත්මක වන්නේ රසායනික ජීරණ ක්රියවලියයි. මෙහි ප්‍රතිපලය වන්නේ පාෂාණ මත ඉතාමත් තුනී පාංශු ස්තරයක් නිර්මාණය වීමයි. මෙලෙස නිර්මාණය වන පාංශු ස්ථරය මත තෙතමනය රදාපවතින නිසා තවදුරත් විවිධ ශාක වර්ග නිර්මාණය වීම තුලින් ඡෛව ජීරණය ක් ද සිදු වේ.

4.5 මානව ක්‍රියාවලි

නිරාවරණය වූ සහ එසේ නොවූ පාෂාණ විවධ කටයුතු සදහා මිනිසා විසින් භාවිතයට ගනී. මිනිසා ගේ කටුතු සදහා පාෂාණ යොදා ගනී එනම් ඉදිකිරීම් සදහා මාර්ග ඉදිකිරිම සදහා ආදියයි. මෙහිදී මිනිසා විසින් විව්ධාකරයේ පාෂාණ විශේෂ තම අවශ්‍යතාවලට උචිත පරිද නිර්මාණය කරගැනීම මෙහිදී දීර්ඝ ලෙස සාකච්චා කෙරේ.





No comments:

Post a Comment

Bottom Ad [Post Page]