Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

මොකක්ද මේ එල් නිනෝ සහ ලානිනා කියන්නේ ?

මොකක්ද මේ  එල් නිනෝ සහ ලානිනා කියන්නේ ?

කව්රුත් දන්නා කියන දෙයක් තමය  දේශගුණික විපර්යාස කියන්නේ  ඉතින් දේශගුණික විපර්යාස කෙරෙහි බලපාන ප්‍රබලම සාදකයක් වන්නේ මේ එල් නිනෝ සහ ලානිනා ක්රියවලියයි.. අපි බලමු මොකක්ද මේ එල්නිනෝ  කියන්නේ  කියල. මෙම සංසිද්දිය ඇති වන්නේ පැසිෆික් සාගරය අවටය. එනම්  පැසිෆික් සාගරය අවට  එකවර උෂ්ණත්වය වැඩිවීමේ ක්‍රියාවලිය යි. එය  එල්නිනෝ ලෙස හඳුන්වන අතර මේ හරහා සිදුවන්නේ   සාගරයෙහි   අදික උෂ්ණත්වය නිසා සාගර ජලතලය මත අඩුපිඩන  කේන්ද්‍රයක් නිර්මාණය විමය්.
ලෝකය තුල ඕනෑ  දෙයක් ගලායන්නේ වැඩි තැන සිට අඩු තැනටයි. එම නිසා අඩු පීඩනයක් සහිත එම කේන්ද්‍රයට වැඩි පීඩන කේන්ද්‍රවල සිට ජලවාෂ්ප රැගෙන පැමිණීම සිදුවන අතර ඒ හරහා අඩු පීඩනය නැවත වැඩි පීඩනයක්  දක්වා වර්දනය වීම සිදුවෙයි. බොහෝ අවස්ථාවලදී මෙම එල්නිනෝ ක්‍රියාවලියේ බලපැම නිසා අවට ගොඩ බිම්වල ජලවාෂ්ප අඩු පිඩනයට ඇදියාම  සිදුවෙයි.එම නිසා  ඉක්වදෝරය  සහ පිරූ  රාජ්‍ය  අවට ප්‍රදේශවල නියං  උවදුරු  මෙන්ම ලැවුගිනි  උපද්‍රව  ඇතිවීමේ ප්‍රවනතාවය වැඩිය.  ලංකාවටද සාමාන්යෙන්   බලපාන සංසිද්දියක් වන අතර එතරම් දරුණු අන්දමින් බලපෑමක් සිදුවන්නේ නැත මන්ද ලංකාව දිවයිනක් නිසාය.
එල්නිනෝ ක්‍රියාවලියේ අඩු පීඩනය වැඩි පීඩනයක් වූ පසු නිර්මාණය වන ක්‍රියාවලිය වන්නේ ලානිනා  ක්රියවලියයි. ලානින අවස්ථාව තුලදී එක්රැස් වූ ජලවාෂ්ප හේතුවෙන් වැඩි පිඩනයක පසුවන සාගර කලාපය එකවර සිසිල් වීම නිසා අදික වර්ෂාවක් එම ප්‍රදේශවලට ඇද හැලීම සිදුවෙයි. මෙම ක්‍රියාවලින්  ලෝකයේ  සමාන්‍ය සුළං රටාව වෙනස්විමද  සිදුවෙයි. දේශගුණික වශයෙන් විශාල බලපෑමක්    එල්නිනෝ - ක්‍රියාවලි හරහා ඇතිවන බව  කරුණකි.
එල්නිනෝ මගින් :-
  • සුළං රටාවේ වෙනස්වීම් හට ගැනීම .
  • ගොඩ බිම්වල වශ්පිකරණය වැඩිවීම
  • ලෝකයේ එක ප්‍රදේශයකට නියගයක් ද තවත් ප්‍රදේශයකට අදික වර්ශපතනයක්ද ක්‍රියාත්මක වීම.
  • ජලය ප්‍රසාරණය නිසා තරඟාවල වේගය වැඩිවීම සහ වෙරල ඛාදනය වේගවත් වීම.
  • ග්ලැසියර් කලාපවලට තර්ජන සිදුවීම
  • අවට ගොඩ බිම්වල ලැවුගිනි හටගැනීම.
සිදුවන බව පැහැදිලිය.

8 comments:

Bottom Ad [Post Page]