Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

දේශගුණික සංසිද්ධීන් (What is El Niño ) 01

දේශගුණික සංසිද්ධීන් (What is El Niño ) 01
ගෝලීය දේශගුණික විපර්යාස හැදින්වීම

ජීවයේ සම්භවය ඇති වු දා සිට වර්තමානය දක්වාම මිහිතලයේ ජීවින්ගේ පැවැත්මට දේශගුණය බලපා ඇත. ශාක හා සත්ව ප‍්‍රජාව පරිසරයේ පවත්නා කාළගුණික තත්වයන්ට හොදින් අනුවර්තනය වි ඇති අතර මානව කි‍්‍රයාකාරකම් කෙරෙහි කාළගුණය හා දේශගුණය විශාල බලපෑමක් සිදු කරයි. නමුත් වර්තමානය වන විට පෘථිවියේ පවත්නා දේශගුණය වෙනස් වෙමින් පවති. විශේෂයෙන් ම වායු ගෝලයේ උෂ්ණත්වය ක‍්‍රමයෙන් ඉහළ යෑමක් සිදුවෙමින් පවති. සාගරයේ මතුපිට උෂ්ණත්වය වර්ෂයකට සෙල්සියස් අංශක 0.1 ක් පමණ දක්වා ඉහළයන බව සොයා ගෙන ඇත. මේ  හේතුව මත වර්ෂාපතන රටාව, වායුගෝලයේ සාමාන්‍ය සුළං රටාව වෙනස්විම සිදු වේ. එමෙන් ම,

  • හරිතාගාර ආචරණය
  • එල්නිනෝ ලානිනෝ 
  • ග්ලැෂියර් දියවිම හා සාගර ජල මට්ටම ඉහළ යාම 
  • තාප දුපත් 
  • හිම වැස්ම තුනිවිම


ආදි සංසිද්ධි ඉතා වැදගත් වේ. මෙම සංසිද්ධි හටගන්නා ආකාරය, එවායේ කි‍්‍රයාකාරිත්වය සහ එම සංසිද්ධි මගින් ඇතිවන ප‍්‍රතිඵල මෙමගින් විග‍්‍රහ කර ඇත.

👉එල්නිනෝ යනු
එල්නිනෝ යන වචනයේ අරුත ”පිරිමි දරුවා” යන්නට වන ස්පාඤ්ඤ වචනයයි. එහෙත් පේරු ජාතිකයන් එල්නිනෝ යනුවෙන් ”ක‍්‍රිස්තු වහන්සේගේ දරුවා” යන්න හඳුන්වනු ලබයි. මෙයට හේතුව නම් ශාන්තිකර කලාපයේ මෙම ආවර්තිත උණුසුම් තත්ත්වය බොහෝ විට නත්තල් සමයට සමගාමීව ඇති වීමයි.
එල්නිනෝ ක‍්‍රියාවලිය යනු පැසිපික් සාගරය අවට එකවර උෂ්ණත්වය වැඩිවීමේ ක‍්‍රියාවලියයි. එනම් සාගරයේ අධික උෂ්ණත්වය හේතු කොට ගෙන සාගර ජලය මත අඩු පීඩන කේන්ද්‍රයක් නිර්මාණය වීමත් එම අඩු පීඩනයක් සහිත කේන්ද්‍රයට වැඩි පීඩන කේන්ද්‍රවල සිට ජලවාෂ්ප රැුගෙන පැමිණීමත් සිදුවන බැවින් සහ එ් හරහා අඩු පීඩනය නැවත වැඩි පීඩනයක් දක්වා වර්ධනය වීමත් සිදුවීම තුළින් එල්නිනෝ තත්වයක් නිර්මාණය කරයි.

ගෝලීය වෙළෙඳ සුළං මගින් නිවර්තන පැසිෆික් සාගර ජලය සාමාන්‍යයෙන් එහි බටහිර දෙසට ගෙන යාම සිදුවේ. නිවර්තන කලාප ඔස්සේ දිගු ගමන් මාර්ගයක මෙම සුළං ගලායාම නිසා එසේ ගෙන යන ජලයේ උෂ්ණත්වය වැඩි වේ. එහෙත් නැගෙනහිර වෙළඳ සුළං දුර්වල වන විට පැසිෆික් සාගරයේ බටහිර දෙසට ගෙන යනු ලැබු උණුසුම් ජලය නැවත නැගෙනහිර පැසිෆික් සාගරය දෙසට ගලා එ්ම සිදුවේ. මේ නිසා දකුණු ඇමෙරිකාවේ බටහිර වෙරළේ පිහිටි රටවල් වන පේරු, ගෝතමාලාව, චිලි  ආදී රටවල්වලට මෙම උණුසුම් ජල කඳ නිසා අහිතකර බලපෑම් ඇති වේ. සාමාන්‍යයෙන් දකුණු ඇමරිකාවේ බටහිර වෙරළේ ඇති පෝෂ්‍ය පදාර්ථ අධික සිසිල් ජලය ඉවත් වී ඒ වෙනුවට  පෝෂ්‍ය පදාර්ථ රහිත උණුසුම් ජලය ගලා ඒම එල්නිනෝ සංසිද්ධිය සමඟ සිදු වේ. 
  •  මෑතකදී ක‍්‍රියාත්මක වූ එල්නිනෝ සංසිද්ධි සලකා බලන විට 2006 සැප්තැම්බර් මස ආරම්භ වූ එල්නිනෝව 2007 දක්වා ක‍්‍රියාත්මක විය.
  • 2009 ජනවාරි, පෙබරවාරි මාස වල උච්ච අවස්ථාවට පත් වූ එල්නිනෝ සංසිද්ධිය 2009 ජූනි වලදී බලවත් වූ අතර 2010 මැයි මාසය දක්වා ක‍්‍රියාත්මක විය.
  • මෙම එල්නිනෝ සිදුවීම් පිළිබඳව අධ්‍යනය කළ විද්‍යාඥයින් සොයාගෙන ඇති කරුණක් වන්නේ එල්නිනෝ හා සම්බන්ධව නැගෙනහිර පැසිෆික් සාගරයේ විශාල ප‍්‍රදේශයක ඇති වෙන උණුසුම් වීම දුරස්ථ ව පිහිටි මහද්වීප වල කාලගුණයෙහි පුළුල් වෙනස්කම් ඇත ි කිරීමට හේතුවන බවයි.
  •  එහෙත් එල්නීනෝ සිදුවීම් දෙකක් ඒකාකාර නොවන හෙයින් මේ දුරස්ථ කාලගුණික තත්වයන් සම්බන්ධව දේශගුණික ක‍්‍රියාවලිය පැහැදිලි කරගැනීම තරමක් අසීරු වේ.
  •  එල්නීනෝ සහ දක්ෂිණ දෝලනය යනුවෙන් හඳුන්වන වායුගෝලීය පද්ධති අතර පවත්නා සම්බන්ධතාවය හදුනාගැනීම මගින් ප‍්‍රධාන එල්-නිනෝ සංසිද්ධීන්හි ලෝක බලපෑම මැනවින් තේරුම් ගැනීමට විද්‍යාඥයින් ඉඩකඩ සලසා දී තිබේ. 
  • 20වන සියවසේ ආරම්භයේ සිටම වාගේ විද්‍යාඥයන් දැන සිටි කරුණක් වූයේ ගිනිකොනදිග පැසිෆික් ප‍්‍රදේශයේ ඇතිවන පීඩන වෙනස්කම් වලට ප‍්‍රතිවිරුද්ධ වෙනස්කම් නිතරම වාගේ ඉන්දියානු සාගරයේ වායුගෝලීය පීඩනය ඇසුරින් පිළිබිඹු වන බවයි. එක් ප‍්‍රදේශයක පීඩනය වැඩිවන විට අනෙක් ප‍්‍රදේශයේ පීඩනය අඩු වේ. ඉහළ පහළ යන සම්බන්ධතාවය දක්ෂිණ දෝලනය ලෙසින් හදුන්වයිි.
එල්නිනෝ කි‍්‍රයාවලිය නිසා ඇති වන දේශගූණික බලපෑම් හදුනාගත හැකිය. සුළං රටාවේ වෙනස්කම් හට ගැනීම. ගොඩබිම් වල වාෂ්පීකරණය වැඩි වීම. ලෝකයේ එක ප‍්‍රදේශයකට නියගයක් ද තවත් ප‍්‍රදේශයකට අධික වර්ෂාපතනයක් ද ක‍්‍රියාත්මක වීම. ජලය ප‍්‍රසාරණ වීම නිසා තරංග වල වේගය වැඩි වීම සහ වෙරල ඛාදනය වේගවත් වීම. ග්ලැසියර් කලාප වලට තර්ජන සිදු වීම. අවට ගොඩබිම් වල ලැවුගිනි හට ගැනීම. මත්ස්‍ය කර්මාන්තයට බලපෑම් ඇති වීම. ආදිය හදුනාගත හැක.

එල්නිනෝ ආශයෙන් ඇතිවන අන්තගාමි දේශගුණික ලක්ෂණ පදනම් කර ගෙන වසංගත රෝග ඇති වීමේ ප‍්‍රවනතාවය අධිකය. උදාහරණයක් ලෙස එල්නිනෝ චක‍්‍රය හේතු කර ගෙන මදුරුවන්ගෙන් බෝවන මැලේරියා,  ඩෙංගු සහ සුවිභේද නිම්න උණ ඇති විය හැකි බව වාර්තා වේ. ඉන්දියාව, වෙනිසියුලාව, කොලොම්බියාව යන රටවල ඇති වන මැලේරියා රෝගයේ චක‍්‍රීය වෙනස්වීම එල්නිනෝ සංසිද්ධිය සමඟ සම්බන්ධ කිරීමට විද්‍යාඥයන්ට හැකිව තිබේ. තවත් බෝ වන රෝගයක් වන  ඕස්ටේ‍්‍රලියානු එන්සෆලයිටිස් රෝගය හදුනා ගෙන ඇත.


👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉













No comments:

Post a Comment

Bottom Ad [Post Page]