Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

ලංකාවට වැසි දෙන නිරිත දිග මෝසම සහ ඊසාන දිග මෝසම

ලංකාවට වැසි දෙන නිරිත දිග මෝසම  සහ ඊසාන දිග මෝසම
ලංකාව යනු නිවර්තන කලාපිය දේශගුණයක් පවතින රටකි. එමනිසා නිරන්තරයෙන්ම්  ඇදහැලෙන වර්ෂාවෙන් නම් කිසිදු අඩුවක් නොමැති බව අපි දන්නා කියන කරුණකි. එහෙත් ලංකාවට වැසි සක්‍රිය වන්නේ උතුරින් පිහිටන බෙන්ගාල බොක්කෙහි පවතින පීඩන වෙනස්කම් හේතුවෙනි මෙලෙස ඇදහැලෙන වර්ෂාව ආකාර 2ක් යටතේ ලංකාවට සක්‍රියව පවතියි.

නිරිතදිග මෝසම

වර්ෂාව ලංකාවට නුපුරුදු දෙයක් නොවේ. ශ්‍රිලංකාවේ වැඩිම වර්ෂාපතනය ලබාදෙනු ලබන්නේ නිරිතදිග මෝසම  තුලිනි. මෙහිදී   මැයි සිට සැප්තැම්බර් දක්වා මාස 5ක කාලයක්  වර්ෂාව සක්‍රියව අතර  මෙම නිරිතදිග මෝසම පෝෂණය වීමට විශාල දායකත්වයක් ලබාදෙනු ලබන්නේ ඉන්දියන් සාගරය විසිනි.
අන්තර් නිවර්තන අබිසරණ කලාපය  ජුනි මාසයේදී උතුරට ගමන් කිරීම නිසා  එහි  ඇතිවන අඩු පීඩනය  පිරවීම සදහා ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ සිට උතුරට සුලන් දහර හමායාම සිදුවෙයි. මෙහිදී මෙම සුලන් දහරාව ශ්‍රිලංකාවේ නිරිත දෙසින්   රට තුලට ඇතුළු වී ඊසාන දෙසින් පිටවී යයි. මෙම ක්‍රියාවලියේදී රට තුලට ඇතුලුවෙන වායු දහරාව මද්‍යම කඳුකරයේ හැපීම හේතුකොටගෙන එම ජලවාෂ්ප සහිත වාතය ඉහලට ගමන් කර වලාකුළු නිර්මාණය වීම සිදුවෙයි. ඒ හරහා ලබාදෙන වර්ෂාව අදිකය ඊට හේතුව වන්නේ ජලවාෂ්ප අදික ඉන්දියන් සාගරය හරහා එම ජලවාෂ්ප රට තුලට ඇතුළු වීමයි. මෙය නිවර්තන මෝසම  හඳුන්වනු ලබයි.

ඊසාන දිග මෝසම

දෙසැම්බර්  සිට පෙබරවාරි දක්වා කාල පරිච්චේදයක් තුල ලබාදෙන වර්ෂාපතනය  වන්නේ ඊසාන දිග මෝසම් වර්ෂාවයි.තාප සමකයත් අන්තර් නිවර්තන අබිසරණ කලාපයත් දෙසැම්බර් මාසයේදී  දකුණු අර්දගොලයට මාරුවීම නිසා දකුණේ ඇති කරන අඩු පීඩනය පිරවීම සදහා මද්‍යම   ආසියාවේ වැඩි පීඩන ප්‍රදේශවල සිට සුලන් හැමිමෙන් පෝෂණය වන වර්ෂාව මෙනමින් හඳුන්වනු ලබයි. ඊසාන දිග වර්ෂාවෙන් පෝෂණය වන්නේ ලංකාවේ උතුරු නැගෙනහිර කලාපයයි. එහෙත් වැඩි වර්ෂාවක් මෙම කලාපයට නොලැබියාමට බලපාන ලද සාදකයක් හඳුනාගත හැකිය. ඒ උතුරු ඉන්දියාවේ වියලි ගොඩබිම් වලසිට මෙම වායු දහරාවන් හැම එන නිසා ඒවායේ ජලවාෂ්ප අඩුය. වියලිය එම නිසා අඩු වර්ෂාවක් ලැබෙයි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]