දියෝද / ඩයෝඩ DIODES
ඉලෙක්ට්‍රොනික පරිපථයක් තුල හදුනාගත හැකි සංරචක අතර තවත් එක
සංරචක විශේෂයක් ලෙස පෙන්වාදිය හැකි වන්නේ දියෝද නම් වු සංරචකයි. මෙහි ඇති
සුවිශේෂත්වය වන්නේ එක දිශාවකට පමණක්
විදුලිය ගමන් කිරීමයි. එහිදී අප එක දිශාවකට ප්රත්යවර්ත ධාරාවක් ප්‍රධානය කල විටදී
එහි ප්‍රතිධානය වන්නේ සරල ධාරාවකි. එනම් එක් දිශාවකට පමණක් ගලන ධාරාවකි.
වර්තමානය වන විටදී වෙළඳ පොලතුල විශාල දියෝද ප්‍රමාණයක් හඳුනාගත
හැකි වුවත් ප්‍රධාන වශයෙන්ම භාවිත කරනු ලබන්නේ සිලිකන් දියෝදයි. එසේම සංඥ්ඥ
විමුර්ජන ක්‍රියාවලි සඳහා භාවිතා කරනු ලබන්නේ ජර්මේනියම් දියෝදයි. එහිදී වර්තමානය තුල
භාවිතා කරනු ලබන ප්‍රධාන පෙලේ දියෝද කිහිපයක් පිළිබඳව විමසා බැලීම වැදගත් වෙයි.
සෘජුකරණ දියෝද (RECTIFIER DIODES)

ආලෝක විමෝචක දියෝද (light Emitting Diodes)
වර්තමානය තුල ඉතාමත්ම ජනප්‍රිය සංරචකයක් වන්නේ ආලෝක විමෝචක
දියෝදයි. මෙම සංරචකයට සරල ධාරාවක් යොමුකළ
විට ඒ තුලින් ආලෝකයක් නිපදවීම මෙහිදී සිදුකෙරේ . එසේම මේ වන විට බොහෝ උපාංග සඳහා
මෙම ආලෝක විමෝචක දියෝද යොදා ගැනීම වර්තමනාවයේ සුලභ දසුනක් බවට පත්වී ඇත. ඉතා
කාර්යක්ෂම ආලෝක විමෝචක උපාංගයක් වන මෙය ක්‍රියාත්මක වීම සඳහා වෝල්ට් 2.5 වැනි ඉතා
සුළු විදුලි බලයක් අත්‍යවශ්‍ය වෙයි. වත්මන වන විට විවිධ වු රසායනික අමුද්‍රව්‍ය
භාවිත කරගනිමින් විවිධ වර්ණ සංකලනයන් ගෙන් යුතු ආලෝක විමෝචක දියෝද නිපදවා ඇත. නිල්,කොළ, රතු, කහ, තැඹිලි ආදී
වශයෙනි.
නියමයි ....
ReplyDeleteසියළු ඩයෝඩ වර්ග සදහන් කරන්න
ReplyDeleteසුපිරි..
ReplyDeleteඔක්කොම ටික ගැන තියනවනන් ගොඩක් වැදගත්
ReplyDelete