Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

දේශගුණික සංසිද්ධි 02 (ලානිනා සංසිද්ධිය - La-nina )

දේශගුණික සංසිද්ධි 02 (ලානිනා  සංසිද්ධිය - La-nina )

ලානිනා  සංසිද්ධිය යනු (What is La Niña?)


ස්පාඤ්ඤ භාෂාවෙන් ලානිනා යනුවෙන් හඳුන්වන්නේ ගැහැණු දරුවා ලෙසයි. ලානිනා එල්ලිනෝ හී සොයුරිය වශයෙන්ද හඳුන්වයි.
එල්ලිනෝ සිද්ධියේ විරුද්ධ තත්ත්වය ලානිනා සිද්ධියේදී සිදුවේ. ලානිනා සංසිද්ධියේදී සිදුවන්නේ පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර කොටස් වල සාමාන්‍යයෙන් පැවතිය යුතු තත්ත්වයට වඩා ජලය සිසිල් වීමයි. ඉතාම සරල ලෙස පැවසුවහොත් පැසිපික් සාගරයේ නැගෙනහිර ප්‍රදේශයේ අධික ශීතල තත්ත්වයක් දැකගත හැකිය

ලානිනා තත්ත්වය පවතින විට එය හඳුනාගත හැකි ලක්ෂණ

මධ්‍යම සහ නැගෙනහිර පැසිපික් සාගරය ආශ්‍රිතව සාමාන්‍යයෙන් පැවතිය යුතු සාගරික උෂ්ණත්වයට වඩා ශීත බවක් ඇතිවීම දක්නට ලැබේ. එනම් සෙල්ශියස් අංශක 3.5 ක් පමණ ප්‍රමාණයකින් උෂ්ණත්වය අඩුවීම දක්නට ලැබේ.
  • ඕස්ට්‍රේලියාව, පැපුවා නිව්ගිනියාව සහ ඉන්දුනීසියාව ආශ්‍රිතව අහසේ වලාකුළු වර්ධනය වීම සහ සංවහන ක්‍රියාවලිය ඇතිවීම.
  • සාමාන්‍යයෙන් පැවතිය යුතු තත්ත්වයට වඩා වේගවත් නැගෙනහිර වෙළඳ සුළං පැසිෆික් සාගරය හරහා හමා යාම.

ලානිනා සංසිද්ධිය ඇතිවීමට හේතු

ලානිනා සංසිද්ධියට මුල් වන ප්‍රධානම හේතුව වන්නේ අධික ශක්තියකින් නැගෙනහිර සුළං හැමීමයි. විශාල ශක්තියකින් යුත් මෙම වෙළඳ සුළං නිවර්තන උණුසුම් මතුපිට ජලය සමග පැසිපික් සාගරයේ බටහිර දෙසට එනම් ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව දෙසට ගමන් කරයි. මේ නිසා පැසිපික් සාගරයේ නැගෙනහිර කොටසින් මතුපිට උණුසුම් ජලය ඉවත් වීම ද ගැඹුරු මුහුදේ සිසිල් ජලකඳ මතුපිටට ගලා ඒම සිදුවේ. මේ හේතුවෙන් පැසිෆික් සාගරයේ නැගෙනහිර එනම් දකුණු ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශය ආශ්‍රිතව අධික ශීත තත්වයක් නිර්මාණය වේ.
බටහිර නිවර්තන පැසිෆික් සාගරය ආශ්‍රිතව ඇතිවන සංවහන ක්‍රියාදාමය තුලින් අහසේ වලාකුළු වර්ධනය  වී පැසිෆික් සාගරයේ බටහිර ප්‍රදේශයට අධික වැස්සක් ඇතිවේ. මේ අනුව පැසිෆික් සාගරයේ බටහිර ප්‍රදේශයේ ඇතිවන සංවහන ක්‍රියාදාමය හේතුවෙන් එම කලාපයේ අඩු පීඩනයක් නිර්මාණය වන අතර මේ නිසා පැසිෆික් සාගරයේ නැගෙනහිර ප්‍රදේශයෙන් සුළං හමා ගෙන ඒම නිසා එම ප්‍රදේශයේ වියලි තත්වයක් දැකගත හැකිය. මෙය ආසන්න ලෙස සෑම වසර 3-5කට වරක් නිවර්තන කලාපීය පැසිපික් සාගර මතුපිට සිදුවේයැයි අනුමාන කරයි. බොහෝ ලානිනා තත්ත්ව එල්නිනෝ තත්ත්වය ට පසුව ඇති වුණත් ඇතැම් ඒවා හුදෙකලාව ද ඇතිවේ. ශීත සෘතුවක ලානිනා තත්ත්වයක් ඇතිවූ විට එම ශීත සෘතුවක අනෙක් ශීත සෘතුවලට වඩා ප්‍රබල වේ. 
උදා ඇමරිකානු මහද්වීපය ආශ්‍රිතව එල්නිනෝ තත්ත්වයේ දී ඕස්ට්‍රේලියාව ආශ්‍රිතව වියලි තත්වයක් හා ලානිනෝ තත්ත්වයේ දී ඕස්ට්‍රේලියාව ආශ්‍රිතව තෙත් දේශගුණික තත්ත්වයක් දැකිය හැකියි.

ලානිනා තත්වයකදී ඇතිවන හිතකර බලපෑම්

  •  දකුණු ඇමෙරිකාව බටහිර වෙරළ කලාපයේ මත්ස්‍ය අස්වැන්න ඉහලයාම.
  •  ගිනිකොන දිග ආසියානු කලාපයට විශේෂයෙන් වයඹ දිග ඉන්දියාව සහ බංගලාදේශ ප්‍රදේශයන්ට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලබා දෙයි
  •  ගිනිකොණදිග අප්‍රිකා සහ බ්‍රසීලයේ උතුරු ප්‍රදේශයන්ටද මෙහිදී වැඩි වර්ෂාපතනයක් ලැබේ.

ලානිනා තත්ත්වය හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම්

  • අත්ලන්තික් සාගරයේ හා පැසිෆික් සාගරයේ සුළිකුණාටු ඇතිවීම කෙරෙහි බලපෑම
  • බටහිර පැසිෆික් කලාපයේ පිහිටි ඕස්ටේ්‍රලියාවේ උතුරු ප්‍රදේශයට මෙහිදී සාමාන්‍ය තත්වයට වඩා වර්ෂාපතන ඉතාමත් වැඩි වන අතර ඒ අනුව විශාල ගංවතුර අකුණු කුණාටු වැනි ආපදාවන්ට මුහුණ දීමට සිදු වේ.
  • ලානිනා සංසිද්ධියේදී කුණාටු ඇස වශයෙන් ලෝක විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන ඕස්ට්‍රේලියාව මෙහිදී දැඩි ආපදාවට ලක්වීම
  • 2010 වර්ෂයේ ලානිනා තත්ත්වය යටතේ ඕස්ට්‍රේලියාව දරුණු ගංවතුරට ලක්වීම සහ එහිදී 10000 වැඩි පිරිසකට සිය ප්‍රදේශ හැර යාමට සිදු වීම  ඇස්තමේන්තුගත අලාභහානිය ඩොලර් බිලියන 02 කට වඩා වැඩිය.
  • නැඟෙනහිර පළාතේ දකුණු ඇමෙරිකාවේ බටහිර කලාපයට වැඩි පීඩනය හේතුවෙන් වර්ෂාපතනය අඩුවීම

👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉

No comments:

Post a Comment

Bottom Ad [Post Page]