Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

දේශගුණික සංසිද්ධි 03 (The Green House Effect)

දේශගුණික සංසිද්ධි 03 (The Green House Effect)


හරිතාගාර ආචරණය යනු යම් ග්‍රහලොවක හෝ උප ග්‍රහලොවක වායුගෝලයේ අධෝරක්ත කිරණ රඳවා තබා ගැනීම නිසා සිදු වන තාප සමතුලිතතාවයේ වෙනස් වීමයි-
හරිතාගාර ආචරණයට බලපාන වායු වර්ග පෘථිවියේ වායුගෝලයෙහි ඇති බොහෝ රසායනික සංයෝග හරිතාගාර වායු ලෙස ක්‍රියා කරයි. විශේෂයෙන් ම කාර්මික විප්ලවය අවධියේ සිට මිනිස් ක්‍රියාකාරකම් ඇසුරින් සිදු කළ අධික පොසිල ඉන්ධන දහනය මගින් වායුගෝලයෙහි හරිතාගාර වායු වැඩි වී ඇති බවට පිළිගැනේ. ඒ අතරින් ප්‍රධාන හරිතාගාර වායු ලෙස,
  •  කාබන්ඩයොක්සයිඞ
  •  මීතේන්
  • නයිට්‍රස් ඔක්සයිඞ්
  • ෆවොරිකරණීය වායූන්
  •  පෘථිවි මට්ටමේ ඔසෝන
  •  ඡල වාෂ්ප   යනාදිය යි.

3.2 හරිතාගාර ආචරණයට සිදු වන භෞතික සහ මානුෂ බලපෑම්
  • භෞතික බලපෑම් ස්වාභාවික සංසිද්ධීන් මඟින් හරිතාගාර ආචරණය කෙරෙහි බලපාන වායු වර්ග වායුගෝලයට එකතු වීම.
  • මානුෂ බලපෑම් ලෙස පොසිල ඉන්ධන දහනය , වන විනාශය සහ හායනය , න්‍යශ්ටික අත්හදා බැලීම් ,කෘෂිකාර්මික ද්‍රව්‍ය දහනය සහ ගොම, ඡීව වායු හා දර දහනය වැනි කටයුතු පේනවා ධිය හැකිය.

 හරිතාගාර ආචරණයෙන් සිදු වන බලපෑම

හරිතාගාර ආචරණය ස්වාභාවිකව ම සිදු වන ක්‍රියාවලියක් වුව ද මානුෂ ක්‍රියාකාරකම්වල බලපෑම ප්‍රධාන වශයෙන් ම බලපායිහරිතාගාර ආචරණයේ දී වායුගෝලයට එකතු වන විවිධ වායු වර්ග නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් දේශගුණික විපර්යාස රැසක් ඇති වීම,වර්ෂාපතන රටාවට බලපෑම් ඇති වීම,දූපත් රාඡ්‍යයන්ට බලපෑම් ඇති වීම,ස්වාභාවික භූමි ප්‍රදේශවලට බලපෑම් ඇති වීම,සෞඛ්‍ය ගැටළු ඇති වීම යනාදිය පෙන්වාදිය හැකිය.

තාප දුපත්


තාප දුපත් යන්නෙන් අදහස් කරනුයේ, ග්‍රාමීය ප්‍රදේශවලට සාප්‍රේක්ෂව නාගරික ප්‍රදේශවල උෂ්ණත්වය වැඩිවිමකි. මේවා  නාගරික තාප දුපත් ලෙස ද හදුන්වන අතර  විශාලත්වයෙන් විවිධාකාර වේ. මිලියනයක හෝ ඊට වැඩි ජනගහනයක් සහිත නගරයක වාර්ෂික මධ්‍යන උෂ්ණත්වය 1.8F -54Fත්‍ අතර ප්‍රමාණයෙන් එම ප්‍රදේශය උණුසුම් වේ
 උදා  නිව්යෝර්ක්, පැරිස්, ලන්ඩන් වැනි නගර

නාගරික තාප දුපත් අඩුකිරිමට ගත හැකි ක්‍රියා මාර්ග
  • දිරි ගැන්විමේ  වැඩසටහන්
  •  හරිතකරණය (හරිත ගොඩනැගිලි ඉදිකිරිම්)
  • නාගරික වනාන්තර වැඩසටහන්
  • පුළුල් සැලසුම් සහ සැලසුම් මාර්ගෝපදේශ

ග්ලැසියර දියවීම හා ඒ ආශිත බලපෑම් 

ග්ලැෂියර් යනු භූමිය මතුපිට වසර පුරාම දක්නට ලැබෙන විශාල අයිස් හෝ හිම තලාවන් ය. ඒවා බහුලව දක්නට ලැබෙන්නේ උතුරු ඇමරිකාව,ඇලස්කාව, යුරෝපය, ධ්‍රැව ආශ්‍රිත සහ ඉහළ උන්නතාංශයක් ඇති කදුකර ප්‍රදේශවල ය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ එක් ප්‍රතිඵලයක් ලෙස ග්ලැෂියර් දියවිම හැදින්විය හැකි ය. මෙම ග්ලැෂියර් දියවිම හේතුවෙන් අවසානයේ දී සාගර ජල මට්ටම ඉහළයාම සිදු වේ. දේශගුණික වෙනස්විම පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුවට අනුව වර්ෂ 2100 වන විට දී සාගර ජල මට්ටම 15cm-95cm දක්වා ප්‍රමාණයකින් ඉහළයාම සිදුවන බව ප්‍රකාශ කර ඇත. මෙසේ ජල මට්ටම ඉහළයාම තුළින් අහිතකර ප්‍රතිඵල රුසක් නිර්මාණය වේ. වෙරළබඩ පහත් බිම් හා දුපත් ජලයෙන් යටවිම. වෙරළ ඛාදනය ඉහළ යාම. ගංඟා ඔස්සේ කරදිය රටතුළට ගලා යෑම. ආදිය හදුනාගත හැකි ය. එමෙන් ම තව වසර 150ක් තරම් කෙටි කාලයක් තුළ දී මාලදිවයින ජලයෙන් යටවන බව අනාවරණය වි ඇත. ඉංදු ගංඟා ඩෙල්ටාව, නයිල් ඩෙල්ටාව, හොවැංහෝ සහ යැංසිකියැං ඩෙල්ටාව ආශ්‍රිතව අදික ජන සංඛ්‍යාවක් වාසය කරන අතර සාගර ජල මට්ටම ඉහළ යෑමෙන් ජනාවාසවලට විශාල බලපෑමක් සිදු වේ .

 හිම වැස්ම තුනී විම.

හිම වැස්ම ලෙස හදුන්වන්නේ භුමිය මත පැතිර පවතින මුළු හිම සහ අයිස් ප්‍රමාණයයි. උස් කදුවැටි සහ වෙනත් ශිතල ප්‍රදේශයන්හි ශිශිරයේ දී හිම වැස්ම වර්ධනයවන අතර වසන්තයේ දී හා ගිම්හානයේ දී ඒවා දිය වේ . පෘථිවිය උණුසුම් වෙත්ම සමහර ප්‍රදේශවලට හිමවලට වඩා වැස්ස පතනය වේ . මේ  නිසා එතරම් ගැඹුරු හිම වැස්මක් දැකිය නොහැකි ය. වාතය උණුසුම්වන විට හිම වේගයෙන්  දිය වේ . එම නිසා ලොව බොහෝ ප්‍රදේශවල වර්තමානයේ පවතින හිම වැස්ම කලින් තිබුනාට වඩා තුනී එකකි. හිම දියවිමෙන් එකතුවන මිරිදිය ජලය ගංඟා සහ ජලාශවලට එකතු වේ උෂ්ණත්වය වර්ධනය විම. සෑම ස්ථානයකම උෂ්ණත්වය ඒකාකාරි ලෙස වර්ධනය නොවේ . දේශගුණ වෙනස්විම් පිළිබඳ අන්තර් ආණ්ඩු අනු මණ්ඩලයේ සිව්වන ඇගයීම් වාර්තාව දක්වන ආකාරයට ඉදිරි දශක දෙක තුළ දී ගෝලීය උෂ්ණත්වය 0.20c0 වර්ධනයක් සිදුවන බව පුරෝකථනය කර ඇත. මුහුදු මට්ටම ඉහළ යාම. මෙයට මුලික ලෙස බලපා ඇත්තේ ගෝලීය උෂ්ණත්වය වර්ධනවිම, ග්ලැෂියර් දියවිම, ධ්‍රැවක අයිස් දියවිම ආදියයි. හිම සහ අයිස් වැස්ම අඩු විම. චන්ද්‍රීකා තාක්ෂණය මගින් ලැබෙන තොරතුරුවලට අනුව 1978 සිට වාර්ෂිකව ආක්ටික් මුහුදු අයිස් වැස්ම දශකයට 2.7% අඩු විමක් වාර්තා වේ .විශේෂයෙන් ම ග්‍රිෂ්ම සෘතුවේ  දී දශකයට 7.4%ක් මෙම අයිස් වැස්ම අඩුවන බව සොයා ගෙන ඇත. එම නිසා කදුකර ග්ලැෂියර් හා හිම වැස්ම අර්ධගෝල දෙකෙහිම අඩු වි ඇත.

දේශගුණික වෙනස්විම් ආශ්‍රිත නුතන නිරීික්ෂණ

  • වර්ෂාපතන රටාවේ  වෙනස්විම
  •  පහත් බිම් ජලයෙන් යටවිම නිසා විශාල සංඛ්‍යාවකට ජනාවාස අහිමිවීම
  •  ලවණ ජලය මිරිදිය ජලාශවලට ආක්‍රමණයවිම නිසා ජල හිඟය පිළිබඳ ප්‍රශ්න ඇතිවිම
  •  වර්ධනය වන උෂ්ණත්වයට ඔරොත්තු නොදිය හැකි සත්ව හා ශාක වර්ග විනාශ විම සහ එය ජෛව විවිධත්වයට හා සංරක්ෂණයට බාධාවක් විම.

යනාදී වශයෙන් දේශගුණික සංසිද්ධි පෘථිවි තලයට විශාල ලෙස බලපෑම් එල්ලවන බවත් ඒ බලපෑම් තව දුරටත් අනාගතයේදී වැඩිවන බවත් මේ තුලින් පැහැදිලි වේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]