Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

ට්‍රාන්ස්සිස්ටර් (Transistor)

ට්‍රාන්ස්සිස්ටර් (Transistor)
ට්‍රාන්සිස්ටරය සදහා  තාක්ෂණික ඉතිහාසය තුල  ඉතා දීර්ග  ඉතිහාසයකට උරුම කම් කියනා බව අපි දනිමු. පරිපථයක් තුල බහුලව භාවිතාවන සංරචක  අතර  ට්‍රාන්ස්සිස්ටර් ප්‍රධාන ලෙසම හදුනාගත හැකි වේ. මෙහිදී  ට්‍රාන්සිස්ටර් උපකරණය පිළිබඳව දීර්ග විස්තර කිරීමක් බලාපොරොත්තු නොවන අතර එහි ප්‍රධාන කර්තව්‍ය පිළිබඳව හැදින්වීමක් සිදුකිරීම සෑහේ.

මෙහිදී ට්‍රාන්සිස්ටර් උපාංගයක අග්‍ර 3ක් හදුනාගත හැකි වෙයි ඒ අනුව
  1. Base (b) පාදම
  2. Collector (C) සංග්‍රාහකය
  3. Emitter (E) විමෝචකය

 පාදයට ලැබෙන යම් ධාරාවක් සංග්‍රාහකය සහ විමෝචකය ට පාලනය කිරීමේ හැකියාවක් ඇති නිසා එය ප්‍රයෝජනයට ගනිමින් ට්‍රාන්සිස්ටරය අදිවේගී ස්විචයක් ලෙසත් වර්ධකයක් ලෙසත් පරිපත තුල භාවිතා කිරීම සිදුවෙයි.

 ට්‍රාන්සිස්ටරයේ ධාරාව ගමන් කරන ආකාරය අනුව එහි වර්ග දෙකක් හඳුනා ගත  හැකිය එනම්
  1. NPN
  2. PNP

අදවන විට මෙම වර්ග දෙක තුලින් වැඩිම භාවිතයක් සිදුවන්නේ  NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර් උපාංගයි මෙයට හේතුව වන්නේ PNP වර්ගයට වඩා NPN වර්ගයේ කාර්යක්ෂමතාවය ඉහල මට්ටමක පැවතීමයි. 
PNP ට්‍රාන්සිස්ටර් හඳුනා ගැනීමේදී පරිපත සටහනේ E අග්‍රය පේනවා දීමේදී ඊ හිස B අග්‍රය දෙසට යොමුවී ඇති ආකාරය හඳුනාගත හැකි වෙයි NPN හඳුනා ගැනීමේදී  ඊ හිස E අග්‍රය දෙසටම යොමු වී ඇත එය පහත පරිදි වේ


එසේම මෙම උපාංගය ඉතා සංවේදී බැවින් අදික තාපයට ඔරොත්තු නොදේ. බොහෝවිට විදුලි පාහන මගින් පෑස්සිම්දී ඒ පිළිබඳව අවදානය යොමු කල යුතුසේම ධන සෘණ මාරුවීමක් සිදුවූහොත් ට්‍රාන්සිස්ටරය විනාෂ වි යාම සිදු වෙයි. අද වන විට වෙළදපොළ තුල විශාල ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයක් හදුනාගත හැකිය. එකිනෙකට වෙනස් හැඩතල වලින්ද සමන්විත ට්‍රාන්සිස්ටර් හදුනාගත හැකිවුවත්  ප්‍රධාන වශයෙන්ම මෙහි අග්‍ර හදුනාගැනීම අත්‍යවශ්‍ය කරුණකි.







4 comments:

Bottom Ad [Post Page]