Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

සැබෑ චලන අනුකරණය කරන රොබෝ සැලමන්ඩර්

සැබෑ චලන අනුකරණය කරන රොබෝ සැලමන්ඩර්
තාක්ෂණික ලෝකය තුල සිදුවන දෑ විශ්මය ජනකය. රොබෝ තාක්ෂනය තුලින් සිදු කරන ලද එවැනිම විශ්මය ජනක පරීක්ෂණයක් පිළිබඳව පසුගිය දා වාර්තාවිය. එනම් විද්‍යාඥයන් පිරිසක් විසින් අති සාර්ථක ලෙස සැලමන්ඩර් සත්වයකු  රොබෝ තාක්ෂනය තුලින් නිර්මාණය කිරීමයි. සැලමන්ඩර් යනුවෙන් හදුන්වන්නේ පෘශ්ටවන්ශි උභය ජීවි කාණ්ඩයට අයත් සත්ව කොට්ටසයකි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ සජීවී සැලමන්ඩර් සත්වයකු සතු සියලුම චලන මෙම රොබෝ සැලමන්ඩර් හට ලබාදී තිබීමයි.
එක්ස් කිරණ ආදාරය කොටගනිමින් බාධක හඳුනාගැනීමේ හැකියාවක් ද ලබාදී ඇති මෙම රොබෝ යන්ත්‍රය ගොඩබිම සාර්ථකව චලනය වීම සහ ජලයේ පවා ක්‍රියාත්මක වීමේ හැකියාවද ලබාදී ඇති බවට වාර්තා වෙනවා.
ඉතින් මෙම රොබෝ යන්ත්‍රයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි කෙනෙකුට සැක මතුවෙන්න පුළුවන් සැබවින්ම එහි නිර්මාණය සඳහා දායක වූ විද්‍යාඥයන් පවසා සිටින්නේ මෙම යන්ත්‍රය මිනිසුන්ගේ ජිවිත ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවයි. එහිදී සාමාන්‍ය මිනිසුන්ට ළගාවීමට නොහැකි දුෂ්කර ස්ථාන සඳහා ඉතා පහසුවෙන් ගමන්කොට අදාල දත්ත තොරතුරු ලබාගැනීමේ උපකරණයක් ලෙස මෙය භාවිතා කරන්නට නියමිත බවත් දැනගන්නට ලැබුනා .
මෙම රොබෝ සැලමන්ඩර් නිර්මාණය කිරීම දීර්ග කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණවල ප්‍රතිපලයකි. එහිදී අගල් 7ක් පමණ දිග සජීවී සැලමන්ඩර් සත්වයකු ගොඩබිම මෙන්ම ජලයේ හැසිරෙන ආකාරය එම සත්වයාගේ චලන ඉරියවු ආදී විශාල තොරතුරු රාශියක් ආදරයෙන් නිපදවන ලද්දක් බවට මෙහි විද්‍යාඥයන් පවසා සිටියා.
එසේම මියගිය සැලමන්ඩර් සත්වයකුගේ අස්ථි රටාව පවා අද්යනයක් සිදුකර ඇති බවත් මෙහිදී හදුනා ගැනීමට හැකි විය .එමෙන්ම  රොබෝ සැලමන්ඩර් සත්වයාගේ සියලු කොටස් 3D මුද්‍රණ යන්තරයක් උපයෝගී කරගනිමින් නිර්මාණය කිරීමද මෙහි ඇති සුවිශේෂත්වයක් වශයෙන් පේනවා දිය හැකිය.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]