Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

Ice Age: Collision Course (2016) සිනමාපටය

Ice Age: Collision Course (2016)  සිනමාපටය

අයිස් ඒජ් එහෙම නැතිනම් හිම යුගය සිනමා පටයෙ තවත් කොටසක් ලඟදීම පැමිනෙන්න  නියමිතව තිබෙනව. එය නම් කරල තියෙන්නෙ Ice Age: Collision course නමින් 
මෙහි අධයක්ශනය සිදුකරල තියෙන්නෙ  මයික් තර්මීර්  සහ ගැලන් ටි.චු  විසින් ඒ වගේම මෙහි කතාව නිසිලෙස ගොඩනගන්න මයිකල් බ්‍රෙග් , යොනි බ්‍රෙන්නර් , අවුබර් සොලමන් , මයිකල් ජේ. විල්සන්  යන අය විසින් සිදු කරලා තියනවා එ වගේම මෙම සිනමා පටයේ හඩ කැවිම තුලින් විශාල පිරිසක දායක වෙලා තියනව මෙලිසා රවුච් , ඇඩම්  ඩෙවින් ,ජෙනිෆර් ලුපෙස් , සයිමන් පෙග්  යන අය ඒ අතරින් කිහිප දෙනෙක්,

මෙම සිනමා පටය නිකුත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ 2016 ජුලි 22 දිනයට එ වගෙම තමයි මෙය
වර්ග කරල තියෙන්නෙ Animation ,Adventure, Comady විදියට 
ඉතින් මේ සිනමා පටයේ සිදුවෙන්නෙ ස්ක්‍රට් වෙනදා වාගෙම එයාගෙ කවදාවත් ලඟ තියාගන්න බැරි ඕක් ගෙඩිය එක්ක චාරිකාවක් පටන් ගන්නවා. ඉතින් ඕක් ගෙඩිය පස්සේ යනගමන් මෙයා අමුතු තැනකට වැටෙනවා..මේක අභයවකාශ යානාවක් ඉතින් ඕක් ගෙඩිය අල්ලගන්න එකනේ මෙයාගේ සිහිය දන්නෙම නැතිව යානාව ක්‍රියාත්මක වෙලා ස්ක්‍රට් ට අභයවකාශයටම යන්න සිදු වෙනවා. ඉතින් මෙයාගේ පන්ඩිතකම  නිසා ලොකු විනාශයක්ට පෘතුවියට සිදු වෙනවා. සුළු පටු විනාශයක් නෙවෙයි හිම යුගය තුල සිදුවුණ විශාල පිපිරීමක් තමයි සිදුවෙන්නේ. ඒ වගේම මතක ඇතිනේ පෘතුවියේ ජිවත් වෙන අනිත් චරිත ටික පෙරිල් , මැනි , සිඩ් ,ඩියෙගො  මේ අය විතරක් නෙවෙයි  තවත් අලුත් චරිත කිහිපයක්ම එකතුවෙනවා. මේ අයට තමයි මේ සේරටම මුහුන දෙන්න වෙන්නෙ..මුහුන දෙන්නේ කොහොමද කරන්නේ මොකක්ද කියලා දැන ගන්නනම් Ice Age: Collision course සිනමා පටය නරඹන්නම වෙනවා.



පුර්ව ප්‍රචාරක පටය 






No comments:

Post a Comment

Bottom Ad [Post Page]