Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

Just Cause 3 පරිගණක ක්‍රීඩාව

Just Cause 3   පරිගණක ක්‍රීඩාව

ගොඩක් අය පරිගණක ක්‍රීඩාවලට කැමතියි නේ ඉතින් ඒ නිසාම තවත් පරිගණක ක්‍රීඩාවක් ගැන ලියන්න හිතුනා. 2015  වර්ෂය තුල නිෂ්පාදනය කරපු  ඉතා ත්‍රාසජනක පරිගණක ක්‍රීඩාවක් ලෙස   Just Cause 3 පරිගණක ක්‍රීඩාව පෙන්වා දෙන්න පුළුවන්.  මෙහි ඇති පසුබිම කෙරෙහි අවදානය යොමු කිරීම වැදගත් කියල හිතෙනවා.  "මෙඩිසි දිවයින" මද්යධරණිය ප්‍රදේශ ආශිතව පිහිටා  තිබෙන සමුහාන්ඩු  දිවයිනක්. නමුත් මෙහි ඇති සමූහාන්ඩු  බවට තිත තැබීමට එක් දුෂ්ට චරිතයක් උත්සාහ දරනවා .. තම අනසක පතුරවමින් කෘර පාලනයක් ජෙනරාල් "Di Ravello" විසින් ගෙනයයි. ඔබට ක්‍රීඩකයක් ලෙස මෙහිදී බාරගන්න වෙනවා වීරයකුගේ චරිතයක්  "Rico Rodriguez"ඔහු ඉතා  රණකාමියෙක්. ඒ වගේම ඔහු මෙම ක්‍රීඩාවට අවතීරණය වන්නේ තමන්ගේ නිජබිම වන මෙඩිසි දිවයින විනාශ කරන "Di Ravello" ජෙනරාල්වරයට එරෙහිවයි. ඔහු සතු අරමුණ වන්නේ මෙඩිසි දිවයිනේ මිනිසුන් බේරාගැනීම වන අතර හතර වටින්ම   සැතපුම් 400 ක් පමණ විශාල දිවයිනේ සුවිශාල අවි ගබඩා විනාශ කිරීම , අහසින් මුහුදු පතුලෙන් පැමිණ සටන් කිරීම ,  වාහන උපකරණ සුදානම් කරගනිමින් සුවිශාල විනාශයක් සිදු කිරීම Rico Rodriguez සතුව ඇති ඉලක්කයයි. ඉතාමත් හොඳ මට්ටමේ පවතින පරිගණක ක්‍රීඩාවක් ලෙස Just Cause 3 පෙන්වාදිය හැකිය.


පූර්ව ප්‍රචාරක පටය 



No comments:

Post a Comment

Bottom Ad [Post Page]