Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

ඉන්දියාව "Google Street View" වැඩසටහන ප්‍රතික්ෂේප කරයි...?

ඉන්දියාව "Google Street View"  වැඩසටහන ප්‍රතික්ෂේප කරයි...?



මේ වනවිට ලෝකය පුරා වැඩි ප්‍රසිද්දියකට පත් උණු වැඩ සටහනක් තමයි "Google Street View" කියනේ ඉතින් මේ වැඩසටහනින්  කරපු සේවාව පිළිබඳව විස්තරයක් අවශ්‍ය නැහැනේ.. කව්රුත් දන්නවා මේ වැඩසටහන තුලින් සිදුවුනේ මොකක්ද කියල.

මෙය ලංකාව තුලත් ක්‍රියාත්මක උනා ලංකාවේ සියලුම ප්‍රධාන මාර්ගවල ත්‍රිමාන චායාරුප ලබාගැනීම සිදුකලා.. එහෙත් මෙහි පවතින වාසිවලට අමතරව කැපී පෙනන අවාසියක ඉන්දියාව විසින් හෙලිකලා.. තමයි මෙලෙස සියලුම ප්‍රසිද්ද ස්ථාන වගේම ප්‍රධාන මාර්ගවල ත්‍රිමාන චායාරුප ලබාගැනීම ආරක්ෂාවට තර්ජනයක් බවයි. ඉන්දියාව කියන්නේ එක නිසා තව දුරටත් ඉන්දියාවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ නැහැ කියල.

 මෙම වැඩසටහන මගින් බොහෝ මාර්ග , සංචාරක කලාප වගේම කදු ගංගා ඇළ දොළ වැනි භූගෝලීය පිහිටීම් වල සුපැහැදිලි දසුන් ලබාගන්නවා. මේ නිසා ලෝකයේ බොහෝ දෙනා අතර මෙය ඉක්මනින් ජනප්‍රිය උනා. මේ විදියටම ඉන්දියාවේත් සියලුම ස්ථානවල චායාරුප එක්රැස් කරන්න සියලුම කටයුතු සුදානම් කරලා තියන අතර තුර තමයි මෙලෙස ඉන්දීය අභ්යන්තර කටයුතු අමාත්යාංශය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ.. එහෙත් තවමත් එවැනි නිවේදනයක් ලැබුනේ නැහැ කියල ගූගල් ප්‍රකාශකයෙක් පවසලා තිබුනා.

මෙයට ප්‍රධානම හේතුව විදියට ඉන්දියානු රජය පෙන්වන්නේ 2008 දී ඉන්දියාවේ මුම්බායි නුවරට සිදුකරපු ප්‍රහාරයයි. එය සිදු කිරීමටත් මෙවැනි චායාරුප යොදාගැනීමක් සිදු කරන්න ඇති කියලා සැකයක් තිබීම  නිසා මෙවැනි චායාරුප නිකුත් කරන වෙබ් සේවා පිළිබඳව දැඩි අවදානයෙන් පසුවෙනවා කියලත් දැනගන්න ලැබුනා.

මෙම සේවාව අති සාර්ථක වී ඇති නමුත්, සමහර රටවල රහස්ය ගැටලු ඇති වී තිබෙනවා. එම නිසා 2010 වසර වනවිට ජර්මානුවන් 250,000 ක් පාහේ ගූගල් සමාගමට තමන් ජිවත් වන නිවාස , විදි වාහන අංක වගේ දේවල් ප්‍රසිද්ද නොකරන ලෙස ඉල්ලා සිටීම නිසා එවැනි දේ අඳුරු කර දැක්වීමට ගූගෙල් සමාගම පියවර ගෙන තිබුනා.
 කොහොම උනත් මේ සේවාව සැන් ෆ්රැන්සිස්කෝ, ලාස් වේගාස්, ඩෙන්වර්, නිව් යෝර්ක් හා මයාමි ආවරණය වන පරිදි 2007 මැයි මසයේ තමයි මුලින්ම ආරම්භ කලේ.කෙතරම් ගැටළු තිබුනත් ලෝකය  වටා මෝටර් රථ මගින් දිව යමින් සිදුකල මෙම සේවාස සැබවින්ම විශ්මය ජනකයි.



No comments:

Post a Comment

Bottom Ad [Post Page]