Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

ජිවිතයට වින කරන පිළිකාව

ජිවිතයට වින කරන පිළිකාව

පිළිකාවක් යනු කුමක්දැයි  දැනගැනීම අනිවාර්යෙන්ම කලයුතු කටයුත්තකි මන්දයත් එය කුමක්ද, ඒ  සිදුවන් බලපෑම කුමක්ද, එයට බලපාන හේතු සාදක පිලිබදව නිසි අයුරින් නොදැන සිටීම නිසා පිළිකාවලට ගොදුරුවන රෝගීන්ගේ ප්‍රමාණයෙහි යම් කිසි වැඩිවීමක් ඇතිබව නොරහසකි.
පිළිලයක් යනු ගසක්මත් වැඩේමින් ගසේ සාරය උරාබී  ගස සෙමින් විනාශ කරන්නසේම පිළිකාවක්ද එවැනිම කටයුත්තක් මිනිසාගේ ශරීරය තුල සිදුකරයි. කණගාටුවට කරුණක් නම් නිසි කාලයතුලදී එනම් මුල් අවස්ථාව තුලදී එය හඳුනාගත් නොහැකි වුවොත් ජීවිතය පිලිබදව ඇති විශ්වාසය පවා අතහැර දැමීමට සිදුවෙයි.
ශරීරය තුල සයිල සාමාන්යෙන් වර්දනය වෙයි එනම් සයිල  වර්දනය වෙමින් නව සෛල   නිර්මාණය වීම සිදුවේ එය සාමාන්‍ය නිරෝගී මිනිසෙකුගේ ක්‍රමානුකුලව සිදු වුවත් ඇතැම් අවස්ථාවල එය සීමාවකින් තොරව මෙම සයිල බෙදීම සිදුවෙයි. මෙලෙස අසාමාන්‍ය ලෙස සිදුවන සයිල බෙදීම නිසා නිර්මාණය වන නව සයිල පිළිකා සයිලයක් ලෙස පෙන්වාදිය හැකිය . DNA වෙනස්කම් , අහාර රටාවේ වෙනස්කම් , කෘතීම අහාර භාවිතය ,රසායනික ද්‍රව්‍යන්ට නිරාවරණය වීම , වැනි ක්‍රියාවලි නිසා පිළිකා වැඩිමේ අවදානම වැඩි වි ඇත.
අද වැඩි දෙනෙක් පුරුදු වී සිටින්නේ තෙල් අදික ආහාර පරිබෝජනය කිරීම සඳහාය එහෙත් අදික තෙල් භාවිතය පිළිකාවට මෙන්න අනෙකුත් රෝගබද සඳහා බලපාන බව සොයාගෙන  ඇත. එසේම ක්ෂණික ආහාර ලබා ගැනීමටය බොහෝදෙනා පුරුදු වී සිටියි. එහෙත්  පහසුව පිළිබද පමණක් සොයමින් මෙවැනි අහාර ගත්තත් එම ආහාරවල අඩංගු විවිද රසකාරක,වර්ණක,කල් ඉකුත් වීම ප්‍රමාද කිරීමට යොදන රසායනික මෙම ආහාරවල අඩංගු වෙයි. ඇතැම් රසකාරකයන් භාවිතා කිරීම නිතිය මගින් තහනම්ය එසේත් නැතිනම් නියමිත මාත්‍රාවට අනුකුල නොවී මෙම රසකාරක භාවිත කිරීම සිදුවෙයි.  නියමිත් ප්‍රමිතියකින් තොරව යොදාගන්නා මෙම රසකාරක දිර්ගකාලින සංකුලතා ඇතිකිරීම කෙරෙහි පසුබිම සකසා ගනියි.
එසේම තෙල් පිටි පරිබෝජනය කිරීම තුලින් ඇතිවන තරබාරුව ද  පිළිකා කෙරෙහි පසු බිම සකසයි.ව්‍යායාම හිඟකම , මානසික ආතතිය වැනි දෑද ප්‍රබල ලෙස බලපෑම්  ඇති කරයි.
මීට අමතරව,
  • දුම්පානය හා   පරිසර දුෂණය
  • ඇස්බැස්ටෝස් භාවිතය
  • රසායනික ප්‍රතික්රියාවන්ට ගොදුරු වීම
  • බුලත් විට කෑම
  • සිරුරට හානිකර   රසායනික ද්‍රව්‍ය භාවිතය (රේඩියම්,කෘමිනාශක,පට්‍රොලියම් නිෂ්පාදන )
යනාදී ව ශරීරයට අහිතකර වූ කෘතීම නිෂ්පාදන භාවිතයට පෙළඹීම මෙම පිළිකා උවදුර පැතිරීම කෙරෙහි බලපා  ඇත.
මෙම උවදුරින් වැළකීමට නම් ,
  • දිනපතා ආහාරයට මැල්ලුම් එකතු කර ගන්න
  • දුම්බීම නැවත දමන්න , දුම්බොන අයෙකු අසලින්  ඉවත් වන්න
  • අදික උණුසුම් ආහාර ගන්න එපා 
  • විටන්මින්  නිසි අයුරින් භාවිත කර ඌනතා මගහරවා ගන්න
  • දුෂිත පරිසරය සමග ගැටීම යම් තරමින් හෝ අඩු කරගන්න
  • රතු පැහැති මස් සොසේජස් භාවිතයෙන් වලකින්න
  • අච්චාරු වැනි ආම්ලිකතාව වැඩි ආහාර වලින් වලකින්න
යනාදී වූ ක්‍රියාවලි තුලින් ඔබට පිළිකාව කෙරෙහි ඇති අවදානම අඩු කරගත හැකිය . එවිට ඔබගේ ජීවිතය කෙරෙහි අනාගතය කෙරෙහි ඉතා විශ්වසනීය අන්දමින් පසුවීමට හැකිය. සැබවින්ම  නරක පුරුදු තුලින් නික්මෙනවානම් මෙවැනි දරුණු රෝගාබාද වලට ගොදුරුවීමේ ඉඩකඩ අඩුවන බව මතක තබාගත යුතුය.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]