Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

සුව නසන ස්මාර්ට් ෆෝන් භාවිතය

සුව නසන ස්මාර්ට් ෆෝන් භාවිතය

ස්මාර්ට් ෆෝන් භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය එන්න එන්නම වැඩිවෙමින් පවතින බව කව්රුත් දන්නා කරුණකි. එය භාවිත කිරීම අපි නොදැනිම අපගේ ශරීර සෞඛ්‍යට අහිතකර බව නවතම පරීක්ෂණ තුලින් සොයාගෙන තිබේ. ස්මාර්ට් ෆෝන් භාවිතය නිසා ඇතිවන ප්‍රදානතම  ගැටලුව වන්නේ බෙල්ලේ අමාරුව සහ කොන්දේ අමාරුව ඇති වීමයි. ඊට හේතුව තම දුරකථනය වෙතටම අවදානය යොමුකරගෙන සිටීමයි. බ්‍රිතාන්‍යයේ වරලත් භෞත චිකිත්සක සංගමය මේ පිළිබඳව කරනලද සමීක්ෂණයකින් පැහැදිලි වී ඇත්තේ අලුත් පරම්පරාව ස්මාර්ට් ෆෝන් භාවිතය නිසා භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමට තරම් අබාදිත වී ඇති බවයි.
නොයෙක් ප්‍රමාණයේ ස්මාර්ට් ෆෝන්  තිබෙනා අතර ඒවයේ යතුරු ගණන වැඩිකර ඇත. එහිදී විවිද රටාවන්ට ඇගිලි ක්‍රියාත්මක කිරීමට සිදුවන අතර ස්වභාවිකව ඇගිලි ක්‍රියාත්මක වීමට එරෙහිව දුරකථනය හසුරවන නිසා ඇගිලි පුරුක් රොගී කරන්නට මෙම කෘතීම රිද්මය උපකාරී වේ.
ස්මාර්ට් ෆෝන් වලින් නික්මෙන ශබ්දය පිළිබඳව අවදානය යොමු කිරීමේදී ඒ තුලින් නික්මෙන ශබ්දය එතරම මිනිස් ශ්‍රවනය සුදුසු නොවේ. මේ මගින් නිකුත්වන තියුණු ශබ්දය මානසික ආතතියට මුලපුරන බව සොයාගෙන ඇත. ඇමරිකාවේ  ජාතික වෛදය ආයතනය  මේ ගැන පරීක්ෂණ සිදුකර තිබේ. ස්මාර්ට් ෆෝන් භාවි තා කරන්නන්ට මානසික ආතතිය , නින්ද නොයාම, සහ ඊට සම්බන්ද වෙනත් අතුරු ආභාද ඇතිවීමේ ප්‍රවනතාවය වැඩි බව මෙම පරීක්ෂණවල අවසන් නිගමනය ලෙස පෙන්වාදී ඇත.
මෙය  උග්‍ර  මට්ටමට රැගෙනයන්නේ  මෙම දුරකථන වලින් නිකුත්  කරන විද්‍යුත්  චුම්බක තරංග වලිනි. කනට තබාගෙන කතාකරන විට මොලය සිසාරා ගමන්කරන මෙම තරංග මොලයේ පවතින සියුම් ස්නායු වලට විශාල හානියක් සිදු කරන අතර පසු කලෙක පිළිකා වැනි රෝගාබාධ නිර්මාණය වීමේ පවතින ප්‍රවනතාවය වැඩි බව සොයාගෙන ඇත. එහෙත් ඒ මගින් හිසරදයේ සිට විෂාදය දක්වා වන සෞක්‍ය ගැටළු ඇතිකරනබව නම් ප්‍රත්‍යක්ෂ කරුණකි.
වර්තමානය වනවිට කුඩා ළමුන් පවා ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි වීම විශාල අර්බුදයක් ඇතිකර තිබේ කුඩා කාලයේ සිටම මෙලෙස ස්මාර්ට් ෆෝන් වලට නිරාවරණය වීම ඉක්මනින් කුඩා දරුවන්ගේ සෞක්‍ය තත්වය පිරිහීමට කරුණක් වනබව පැහැදිලිය.  මේ සඳහා මුලික ලෙසටම වගකිව යුත්තන්  වන්නේ දෙමාපියන්ය. කුඩා කල සිටම මෙම රෝග වැළඳීම සැබවින්ම අනාගත් පරපුර විනාශ වීමක් බව කිවයුතු නැත.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]