Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

සංරචක හඳුනාගනිමු. (පළමු පියවර)

සංරචක හඳුනාගනිමු.  (පළමු  පියවර)
ඉලෙක්ටොනික තාක්ෂනය කියන විෂය පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම් එයට හේතුව අප  එදිනෙදා භාවිතාකරන සියලුම උපාංග නිර්මානය  වෙලා තියෙන්නේ යම් ඉලෙක්ටොනික පරිපථයක් අන්තර්ගත වෙමිනි. කෙසේ වුවත් මේ ක්ෂත්‍රය තුලින් සිදුකරන්න පුළුවන් දේ විශ්මයජනකයි. එමෙන්ම විනෝදයක් ලැබීමටත් දැනුමක් ලබාගැනීමටත් මෙම ඉලෙක්ටොනික විද්‍යා අංශය තුලින් ලැබෙන්නේ ලොකු අත්වැලක් නිසාම මුලින්ම පරිපතයේ සංරචක (components )පිලිබඳව සොයා බලමු.. සංරචක මොනවද මගින් සිදුවන කර්තව්‍ය කුමක්ද යන්න කෙටියෙන්  සොයා බැලීම මෙම විෂයට ආයුදනික පිරිස් සඳහා විශාල සහනයක් වනු ඇතැයි හැඟේ.

ප්‍රතිරෝදක (Resistor)
පරිපථයක් තුල මේ අත ගලායන විද්‍යුත් ධාරාවේ යම් පාලනය පරිපතය තුල තිබීම වැදගත් වේ. එම නිසා ප්‍රතිරෝදක භාවිතා කරනු ලබන්නේ මෙලෙස පරිපථය තුල පවතින විදුලි ධාරාව සුදුසු ලෙස පාලනය කිරීම සඳහායි විදුලි දාරාවට දක්වන විරෝදය නිසා මෙම සංරචකය ප්‍රතිරෝදකය (Resistor) ලෙස නම් කෙරේ ප්‍රතිරෝදකය මනින මිම්ම ඕම් ( OHM) වේ. එහි සංකේතය මෙය ග්‍රීක අක්ෂරයකි

සංකේතය


ප්‍රතිරෝදකයේ වර්ණ කේතයක් යොදාගනිමින් එහි අගය නිර්මානයක කර ඇති අතර නිවැරදිව එහි වර්ණ සංකේතය හඳුනාගැනීම තුලින් ප්‍රතිරෝදකයේ නිරවද්‍යතාවය තහවුරු කරගත හැකිය

ප්‍රතිරොධකයේ අගය සොයගන්නා ආකාරය පිලිබන්දව සොයා බලමු.

පරිපතයේ ප්‍රතිරොධකය යෙදෙන ස්ථානය අනුව එහි අගය වෙනස්වෙයි මෙහිදි වර්ණ පටි සදහා අගයක් ලබාදි ඇත

වර්ණය
අගය
ගුණිතය
වර්ණය
අගය
ගුණිතය
කළු
දුඹුරු
රතු
තැඹිලි
කහ
0
1
2
3
4
1
10
100
1000
10000
කොළ
නිල්
වයලට්
අළු
සුදු
5
6
7
8
9
100000
1000000
10000000
100000000
1000000000
   
ප්‍රතිරොධකයෙ වම්පස සිට ගනනය කිරිම ආරම්භ කල යුතුය. මෙහිදි පලමු වර්ණ දෙක සඳහා අගයද තෙවන වර්ණය තුළින් 10හි කීවෙනි බලයද යන්න ප්‍රකාශ වේ. එසේම මිට අමතරව  4 වන වළල්ලක් දැකගත හැකිය. ඒ තුලින් ප්‍රතිරෝදයේ දරා සිටීමේ හැකියාව නොඇසේනම් සහන අගය ප්‍රතිශතයක් ලෙස නිරුපනය කෙරේ 

නිදසුන 1 :

දුඹුරු  = 1
කළු    = 0
රතු     =  2 =    (ගුණිතය 10හි 2 වන බලය අදහස් කෙරේ වගුව බලන්න

මෙ අනුව = 10× 10×10
               =  10×100
               =   1000            (දහසක් සමානයි කිලෝ 1ක් නිසා 1000න්  බෙදිය යුතුයි)
1000÷1000 = 1kΩ



නිදසුන 2 :

රතු      =  2
වයලට් =  7
තඹිලි   =  3 = (ගුණිතය 10හි 3වන බලය අදහස් කෙරේ වගුව බලන්න )

මේ අනුව 27× 10×10×10
               27×1000
               27000 ÷1000

                27k

ඔබේ පහසුව සඳහා


ඉදිරි සංරචක තුලින් හමුවෙමු..

No comments:

Post a Comment

Bottom Ad [Post Page]