Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

Ouija : Origin of Evil 2016 සිනමා පටය

Ouija : Origin of Evil 2016 සිනමා පටය

සිනමා ලෝකයට පිවිසෙන තවත් ත්‍රාසජනක මෙන්ම බිය උපදවන සිනමා පටයක් ලෙස Ouija : Origin of Evil  පේනවා දෙන්න පුළුවන්. මෙම  සිනමා පටය තිරගත වීම ආරම්භ වීමට නියමිත් වෙලා තියෙන්නේ 2016 ඒ කියන්නේ මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ 21 වෙනිදාටයි.
ඉතින් මේ සිනමා පටය පිළිබඳව තොරතුරු සොයා බැලුවොත් මෙහි අධ්‍යක්ෂණය සිදුකර තියෙන්නේ “මයික් ෆ්ලනගන්” විසින්  ඒ වගේම මෙම කතාපුවත් ලියල තියෙන්නේ  "මයික් ෆ්ලනගන්සහ "ජේෆ් හොවර්ඩ්"  යන දේපල විසිනුයි. මෙම සිනමා පටය සදහා රංගනයෙන් විශාල පිරිසක් දායක වෙලා තියනවා ඒ අතර හෙන්රි තෝමස් , ඩග් ජෝන්ස්, එලිසබත් රේසර් යන සිනමා තරු කිහිපයක්.

ඒ වගේම මෙම සිනමා පටය වර්ග කරලා තියෙන්නේ Horror ,thriller විදියටයි. ඒක නිසා මේක මොනවගේ සිනමාපටයක්ද  කියල විශේෂයෙන් කියන්න දෙයක් නෑනේ. ඉතින් මෙහි කතාපුවත් පැත්තට හැරුනොත් මෙයට පාදක වෙන්නේ ලොස් ඇන්ජලීස් කියන නගරයේ  ඒ 1967 කාලවකවානුවයි. මේ නගරයේ සාමාන්‍ය විදියට ජිවත් වෙන වැන්දඹු මවක් සහ ඇගේ දියණියන් දෙදෙනා වටා මෙම කතා පුවත දිව යනවා. ඉතින් ඇත්තටම මෙහිදී එම මව සහ දියණියන් ව්‍යාජ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඔවුන් කරන ව්‍යාපාරය තමයි  නපුරු ආත්ම පලවාහැරිම, ඒවගේම ඒවාට ආරාධනා කිරීම. ඇත්තම කිවොත් හොර කට්ටඩි වැඩක්. මේ සියල්ලටම දියණියන් දෙදෙනා සැලසුම් ගතව උදවු කරනවා. ඉතින් වැඩිකලක් මේ බොරුව කරගෙන යන්න මේ අයට බැරි වෙනවා. දිනක් නොදැනුවත්කමින් මේ වැන්දඹු මව නපුරු ආත්මයන්ට ආරාධනාවක් කරනවා. එම ආරාධනාව නිසා සැබවින්ම නපුරු ආත්මයක් නිවසට පිවිසෙනවා මෙයට ගොදුරු වෙන්නේ තමන්ගේ කුඩා දියණිය තමයි ඉතින් එතනින් පස්සේ වෙන්නේ මොකක්ද කියල සිනමා පටය නරඹලාම තමයි දැනගන්න වෙන්නේ..

පූර්ව ප්‍රචාරක පටය
 Ouija: Origin of Evil Official Trailer

2 comments:

Bottom Ad [Post Page]