Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

WI-FI පෙරලා කරලියට පැමිණි LI-FI තාක්ෂනය

WI-FI පෙරලා කරලියට පැමිණි LI-FI තාක්ෂනය

වයි ෆයි තාක්ෂනය කව්රුත් දන්නා කියන දෙයක්නේ එත් දියුණුවන තාක්ෂනය සෑම විටම නිශ්චලව තියන දෙයක් නෙවෙයි . අවරුදු කිහිපයකට කලින් පැම්ණි wi -fi තමයි තිබුන වේගවත්ම අන්තර්ජාල දත්ත උනේ එත් නවතම පරීක්ෂනවල ප්‍රතිපලයක් විදියට wi fi වලට වඩා 100 ගුණයක වේගයක් පවතින LI FI තාක්ෂනය කරලියට පැමිණෙන්න වැඩිකාලයක් ගියේ නැත. නමුත් මෙය තාමත් විද්‍යාගාර මට්ටමේ පවතින නිසා තව දුරටත් ඉවසන්න වෙන බවනම් වාර්තා වෙනවා මොකක උනත් මෙහි දත්ත හුවමාරු මාධ්‍ය විදියට කටයුතු කරන්නේ ආලෝකයයි
Li-Fi කියන තාක්ෂණය රැහැන් රහිත දත්ත හුවමාරුව සඳහා ආලෝකය යොදා ගන්නවා. කෙටියෙන් කිවහොත් Li-Fi කියන්නේ Wi-Fi සඳහා වූ අධිවේගී විකල්පයක්. වසරේ මුල විද්‍යාගාරය තුල විද්‍යාඥයයන්ට හැකියාව ලැබුනා තත්පරයට ගිගා බිට්ස් 224 ක දත්ත හුවමාරු වේගයක් මේ හරහා ලබා ගන්නට. මේ තාක්ෂණය වෙළඳපොලට පැමිණි විට අපි දැනට අන්තර්ජාලය භාවිතා කරන ආකාරය වෙනස් වෙනවා නොඅනුමානයි. Velmenni නම් සමාගමක් සමත් වුනා මේ තාක්ෂණය විද්‍යාගාරයෙන් පිටතට ගෙන සැබෑ ලෝකයට ගෙන එන්නට.
ගිගා බයිට් 1 ක දත්ත ප්‍රමාණයක් තත්පරයක් තුල සම්ප්‍රේෂණය කරන්නට මෙහිදී සමාගම සමත් වී තිබෙනවා. මේ වේගය Wi-Fi හරහා ලබා ගත හැකි සාමාන්‍යය වේගයට වඩා 100 ගුණයකට වැඩියි. Wi-Fi සංඥා මෙන් නොව, Li-Fi ආලෝකය මුලික කරගන්නා තාක්ෂණයක් නිසා බිත්ති ආදීය හරහා ගමන් කිරීමට නොහැකියි. එබැවින් වඩා වැඩි ආරක්ෂාවක් සැලසෙනවා
මේ Li-Fi තාක්ෂණය හඳුන්වා දුන්නේ ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයයකු වන Harald Haas විසින් 2011 වසරේදීයි. ඔහු විදුලි බුබුලක් රැහැන් රහිත router එකක් ලෙස භාවිත කිරීමේ හැකියාව පෙන්වා දී තිබෙනවා. කෙසේ වුවත් නව තාක්ෂණික ප්‍රබෝදයක් කෙරෙහි මෙම LI FI තාක්ෂනය ගොඩක් වැදගත් වේවි කියල හිතන්න පුළුවන්

No comments:

Post a Comment

Bottom Ad [Post Page]