Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

අලුත් වන "Hover board" තාක්ෂනය.

අලුත් වන "Hover board"  තාක්ෂනය.

“Hover  board” නව ආකාරයකින් නිර්මාණය වීම ආරම්භ වී තිබෙනවා.  මෙයට සමහරු පවසන්නේ “Hover  board” කියා වුවත් තවත් සමහරු පවසන්නේ “ස්වයං  තුලනාත්මක ස්කුටරය”  යන නමිනි. ඉතා සැහැල්ලු උපකරණයක් වන මෙය ක්‍රියාත්මක වන්නේ විදුලි බලයෙනි.
මෙතෙක් කාලයක් චුම්භක තාක්ෂනය උපයෝගී කරගෙන නිර්මාණය වුවත් එයට තිත තබමින් ඉතා ආරක්ෂාකාරී මෙන්ම ආකර්ශනීය පෙනුමකින් යුක්ත හැසිරවීමට පහසු ආකාරයේ ස්මාර්ට් ස්කුටරයක් වෙළඳ පොලට පැමිණ ඇත.
මෙය කුඩා වහනයක් වන අතර රෝද දෙකක් පමණක් මෙහි දක්නට ලැබේ. අනෙකුත් “Hover board” තුල දක්නට ලැබෙන ආධාරකය මෙහි දක්නට නොමැත. එසේ වුවත් මෙය ඉතා පහසුවෙන් සමබර කරගත   හැකි වීම මෙම උපකරණයේ ඇති විශේෂත්වයයි.
උපකරණයෙහි සමබරතාවය රැකිය යුත්තේ පදවන්නාගේ  පාදය  තුලිනි. ඉදිරියට යාමට අවශ්‍ය වූ විටදී ඔබ කල යුත්තේ ඉදිරිපසට මදක් ඇලවීමයි.පිටුපසට යාමට අවශ්‍ය වූ විට විලුඹ තුලින් පිටුපසට පීඩනයක් ඇතිකරමින් පිටුපසට මදක් ඇලවීම කල යුතුය. මෙලෙස ඉදිරියට පිටුපසට ගියත් හැරවීම තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් බව නිර්මාණකරුවන් පවසනවා.
මෙහි රෝදවලට බලය සපයනු ලබන්නේ මෝටරයක් ආධරයෙනි ඒ තුල සංවේදක පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර ඒ තුලින් ඔබ පදවන  උපකරණයේ වේගය ඇලවිය යුතු ප්‍රමාණය පිලිබදව ඔබව දැනුවත් කරනු ලබයි. මෙහි ඇති විශේෂත්වයක් නම් උපකරණයෙහි  සංවේදක ක්‍රියාත්මක වන්නේ  ඒ මත සිටින පුද්ගලයාගේ ස්කන්ධය අනුවය.
මෙම   පුවරුවේ ඇලවීම සහ එහි වේගය පිලිබදව තොරතුරු උපකරණයේ මොලයට  දැනුම්දෙන අතර පසුව  මෙම මොලය (කුඩා පරිගණකය) රෝද හැසිරිය  යුතු ආකාරය, එහි වේගය, ගමන්කළ යුතු දිශාව යනාදී තොරතුරු මෝටරයට දැනුම් දෙනු  ලබයි.
ඔබගේ  ඇඟිලි වලින් ඉදිරියට පීඩනයක් යෙදු පසු  එම චලනයන් සංවේදක වලින් ලබාගනියි. එලෙස ලබාදුන් විදානයට අනුව  මෝටරය ක්‍රියාත්මකවීම මෙහිදී  සිදුවෙනවා
ඔබට දකුණට හැරීමට  අවශ්‍ය වුහොත්  පාදය ඉදිරියට ගත යුතු අතර වම්  පදය දකුණට සාපේක්ෂව මදක් පිටුපසට ගැනීම සිදුකල යුතුය. වමට හැරීමට අවශ්‍ය වූ විට මෙහි ප්‍රතිවිරුද්ද ක්‍රමය අනුගමනය කිරීම කලයුතුය.
මෙම ස්කුටරය දැන් වෙළඳපොලට  නිකුත් වී ඇති අතර ඔබටත් එය පහසු මිලකට ම්ලදී ගැනීමේ හැකියාව තිබෙනවා එහි වටිනාකම ලෙස සටහන්ව ඇත්තේ $599.99 කි. එනම් රුපියල් වලින් නම්  RS 86093.73 කට ආසන්න වටිනාකමක් තිබෙනවා.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]