Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

Don't Breathe (2016) සිනමාපටය

Don't Breathe (2016) සිනමාපටය

ඔන්න ඉතින් සිනමා ලෝකයට අලුතින් එකතු වුන, එකතු වෙන්න ඉන්න සිනමා පට පිළිබඳව හොයාගෙන යන ගමනේදී 2016 වසරට එකතුවෙන තවත් එක් අපුරු සිනමා පටයක් පිළිබඳව තොරතුරු සොයාගන්න ලැබුනා මේ සිනමා පටයේ නම තමයි Don’t Breathe (හුස්ම ගන්න එපා)
ඉතින් මෙම සිනමාපටය තවමත් නිකුත් වෙලා නැහැ. මෙය නිකුත් වීමට නියමිත් වෙලා තියෙන්නේ අගෝස්තු 26 වෙනිදාටයි . ඉතින් 26 වෙනිදා නිකුත් උනත් ලංකාවේ අපිට මෙය නරඹන්න වෙන්නේ කොහොමත් පහුවෙලානේ.. :p කොහොම උනත් මෙය හොල්මන් වෙලා යන හොල්මන් සිනමාපටයක් බවනම් දැනගන්න ලැබුනා. ඉතින් මේ රූපරචනය දෙසට හැරුනොත් මෙහි  අධ්‍යක්ෂණය සිදුකරල තියෙන්නේ ෆෙඩේ ඇල්වරේස් විසින් ,මෙහි කතාව ලියලා තියෙන්නේ ෆෙඩේ ඇල්වරේස් සහ රෝඩෝ සයගුස් යන දේපල විසින් ඒ වගේම මෙයට රංගනයෙන් දායක වන විශාල පිරිසක් අතරින් ජනේ ලෙව්යි, ස්ටේෆෙන් ලන්ග්, ඩයිලන් මිනේටේ, යන අය කිහිප දෙනෙක්. මෙම සිනමාපටය වර්ග කරලා තියෙන්නේ Horror, Thriller ගණයට, එමෙන්ම මෙය පැය1 මිනිත්තු 28ක් ධාවනය වෙනවා

 මෙහි කතාව පැත්තට හැරෙමුකො....  රොකි කියන්නේ තරුණියක් ඇයත් ඇගේ සහෝදරියත් ඉතා හොඳ ජිවිතයක් ආරම්භ කරන්න බලාපොරොත්තු තියාගෙන ඒ සඳහාය සැලසුම් තනමින් ඉන්න සහෝදරියෝ දේපලක්. ඒ වගේම රෝකිට පෙම්වතෙක් ඉන්නවා ඉතින් මේ  සියලු දෙනාම ඒ කියන්නේ රොකි , ඇගේ සහෝදරිය, පෙම්වතා සහ ඔවුන්ගේ ළඟම මිත්‍රයකු වන ඇලෙක්ස් දියුණු වෙන්න මගක් හොයාගන්නවා. ඒ එම ප්‍රදේශයේ ඉන්න මහලු ඒ වගේම  ධනවත් අයෙකුගේ නිවස කොල්ල කන්න සැලසුමක් යොදනවා. මේ මහළු මිනිහා ධනවත් උනත් ඔහු අන්ධ පුද්ගලයකු වීම මේ  කොල්ල කෑමට මහත් රුකුලක් වෙනවා.. ඉතින් ඔයාල හිතනවද මේ අන්ධ මිනිහ ගේ  කොල්ලකන්න දීල නිකන් ඉඳියි කියල නැහැ එහෙම වෙන්නේ නැහැ..... මොකද මේ අන්ධ මිනිහා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි... මොකක්ද වෙන්නේ කියල දැනගන්න නම් සිනමා පටය නරම්බන්නම වෙනවා 


පුර්ව ප්‍රචාරක පටය

 Official Trailer (HD)





2 comments:

  1. මේකෙ trailer එකනන් මම කලින් බැලුවා... නියම ෆිල්ම් එකක් වෙයි... ආපු හැටියෙ බලන්න ඕනෙ...

    ReplyDelete

Bottom Ad [Post Page]