Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

නව ලොවට පැමිණි පුංචි වැඩකාරයා ZUTA..

නව ලොවට පැමිණි පුංචි වැඩකාරයා ZUTA..

ප්‍රින්ටර් තාක්ෂණික ඉතිහාසය තුල විශාල වෙනසක් සිදුකරමින්  කරලියට පැමිණි නවතම උපාංගයක් තමයි zutaකියල හදුන්වන්නේ පුරාණ ඇරමයික භාෂාවෙන් 'Zuta' යනු  කුඩා යන අරුත ගෙනදෙන බව Zuta ලැබ් හි ප්‍රධාන විධායක නිලධාරී එමෙන්ම නිර්මාතෘ Tuvia Elbaum මහතා පුර්ණ අදහසයි.
ඉතින් මොකක්ද මේ zuta කියන්නේ කියල කාට  උනත් ප්‍රශ්නයක් ඇති වෙනවනේ මේක එසේ මෙසේ පුංචි උපාංගයක් නොවෙයි මේක ඉතා කුඩා අතේ ගෙනයා හැකි ප්‍රින්ටරයක්. මෙම උපාංගයේ  විශේෂතාවය තමයි ඕනෑම තැනක මෙය පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් වීම.
රොබෝ තාක්ෂනය උපයෝගී කරගනිමින් නිපදවා ඇති මෙය ලැප්ටොප් , ස්මාර්ට් ෆෝන් සමග පහසුවෙන් හසුරවන්න පුළුවන් තමාට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක කඩදාසියක් මත ඉතා ඉක්මනින් මුද්‍රණ කටයුතු සිදුකිරීමට හැකි වීම මෙහි ඇති ප්‍රධාන සුවිශේෂතාවය වෙනවා.
මෙම ප්‍රින්ටරයේ ඇති කුඩා රෝද මගින් ප්‍රින්ටරය කඩදාසිය පුරා ඒ මේ අත චලනය වෙමින් ගමන් කිරීම සිදුවෙනවා එමෙන්ම එහි ඇති ලේසර් සංවේදක මගින් කඩදාසියහි ප්‍රමාණය හදුනාගැනීම නිසා සාම්ප්‍රධායික ප්‍රින්ටර් මුද්‍රණ ක්ෂ්ත්‍රය තුලට නවමු අත්දැකීමක් බවට පත්වෙනවා  නොඅනුමානයි.
මෙම zuta උපකරණය හි උස අගල් 4ක් වන අතර එහි පළල අගල් 3ක් වෙනවා. ඒ වගේම එහි බර ග්‍රෑම් 350ක් වෙනවා. මෙය ස්මාර්ට් ෆෝන් ,ටැබ්ලට් , ලැප්ටොප් පරිගණක සඳහා WI-FI තාක්ෂනය හරහා සම්බන්ද කල හැකිවීම මෙහි ඇති තවත් සුවිශේෂතාවයක් වෙනවා. එම නිසා මෙය භාවිත කිරීම සම්ප්‍රධායික මුද්‍රණ යන්තයකට වඩා ඉතාමත් පහසු වෙනවා.
මෙම මුද්‍රණ යන්තරය Android, iOS, OS X සහ Windows. යන පද්ධති සදහා සහය දක්වන අතර ඒ සදහාම නිර්මාණය කරන ලද මොබයිල් ඇප් එකක් එළිදක්වා තිබෙනවා. මේ සඳහා භාවිතා කර ඇති නැවත ආරෝපණය කළහැකි ලිතියම් පොලිමර් බැටරිය මගින් පැයක පමණ කාලයක් මුද්‍රණ යන්තරය භාවිතා කල හැකියි. ඉන් පසු එය නැවත USB කේබලයක් භාවිතා කරගනිමින් පැය 3ක් වැනි කෙටි කාලයක් තුල ඉතා ඉක්මනින් ආරෝපණය කල හැකි වීම එහි ඇති තවත් සුවිශේෂත්වයකි.
එසේම මෙම මුද්‍රණ උපකරණය නිසා මුද්‍රණ ක්ෂේත්‍රය තුල සුවිශේෂී වෙනසක් zuta උපකරණයත් සමග  ඇති වේ යැයි බලාපොරොත්තු විය හැකියි. 


No comments:

Post a Comment

Bottom Ad [Post Page]