Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

දියෝද වර්ග හඳුනාගනිමු (පළමු කොටස)

දියෝද වර්ග හඳුනාගනිමු (පළමු කොටස)

දියෝද / ඩයෝඩ  DIODES

ඉලෙක්ට්‍රොනික පරිපථයක් තුල හදුනාගත හැකි සංරචක අතර තවත් එක සංරචක විශේෂයක් ලෙස පෙන්වාදිය හැකි වන්නේ දියෝද නම් වු සංරචකයි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ  එක දිශාවකට පමණක් විදුලිය ගමන් කිරීමයි. එහිදී අප එක දිශාවකට ප්‍රත්යවර්ත ධාරාවක් ප්‍රධානය කල විටදී එහි ප්‍රතිධානය වන්නේ සරල ධාරාවකි. එනම් එක් දිශාවකට පමණක්  ගලන ධාරාවකි.
වර්තමානය වන විටදී වෙළඳ පොලතුල විශාල දියෝද ප්‍රමාණයක් හඳුනාගත හැකි වුවත් ප්‍රධාන වශයෙන්ම භාවිත කරනු ලබන්නේ සිලිකන් දියෝදයි. එසේම සංඥ්ඥ විමුර්ජන ක්‍රියාවලි සඳහා භාවිතා කරනු ලබන්නේ ජර්මේනියම් දියෝදයි. එහිදී වර්තමානය තුල භාවිතා කරනු ලබන ප්‍රධාන පෙලේ දියෝද කිහිපයක් පිළිබඳව විමසා බැලීම වැදගත් වෙයි.

සෘජුකරණ දියෝද  (RECTIFIER DIODES)

මෙම දියෝද සදහා යොදාගනු ලබන්නේ සිලිකන් නම් මුලද්‍රව්‍යයි. මෙහිදී මෙම සෘජුකරණ දියෝද යොදාගනු ලබන්නේ ප්‍රත්යවර්ත ධාරාවක් සෘජුකරණය සදහාය. එසේම මෙම දියෝදයේ ධන සහ සෘණ අග්‍ර හදුනාගත හැකි අතර + අග්‍රයේ සිට - අග්‍රයට පමණක් ධාරාව ගැලීම සිදුවෙයි. මෙහි සෘණ අග්‍රය හදුනාගැනීමට අළු පැහැති පටියක් සෘණ අග්‍රය පවතින බඳ වටා හඳුනාගත හැකිය.



ආලෝක විමෝචක දියෝද (light Emitting Diodes)


වර්තමානය තුල ඉතාමත්ම ජනප්‍රිය සංරචකයක් වන්නේ ආලෝක විමෝචක දියෝදයි.  මෙම සංරචකයට සරල ධාරාවක් යොමුකළ විට ඒ තුලින් ආලෝකයක් නිපදවීම මෙහිදී සිදුකෙරේ . එසේම මේ වන විට බොහෝ උපාංග සඳහා මෙම ආලෝක විමෝචක දියෝද යොදා ගැනීම වර්තමනාවයේ සුලභ දසුනක් බවට පත්වී ඇත. ඉතා කාර්යක්ෂම ආලෝක විමෝචක උපාංගයක් වන මෙය ක්‍රියාත්මක වීම සඳහා වෝල්ට් 2.5 වැනි ඉතා සුළු විදුලි බලයක් අත්‍යවශ්‍ය වෙයි. වත්මන වන විට විවිධ වු රසායනික අමුද්‍රව්‍ය භාවිත කරගනිමින් විවිධ වර්ණ සංකලනයන් ගෙන් යුතු ආලෝක විමෝචක දියෝද  නිපදවා ඇත. නිල්,කොළ, රතු, කහ, තැඹිලි ආදී වශයෙනි. 

4 comments:

Bottom Ad [Post Page]